Home Uncategorized ඔයාටත් රෑට අධික ලෙස දහඩිය දමනවාද ? ඒක නම් එච්චර හොද දෙයක්...

ඔයාටත් රෑට අධික ලෙස දහඩිය දමනවාද ? ඒක නම් එච්චර හොද දෙයක් නෙවෙයි. භයානක ලෙඩක ආරම්භයක් වෙන්නත් පුළුවන්…

0
548

පිළිකාව, වකුගඩු ආබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි ලෙඩ රෝග වර්තමාන සමාජය තුළ සුලබව දක්නට ලැබෙනවා. මිනිසා යහපත් සෞඛ්‍යය පුරුදු අනුගමනය නොකිරීම සහ විවිධ ජානමය හේතු එවැනි ලෙඩ රෝග ඇතිවීමට හේතු වෙනවා. එලෙස වැළඳෙන ලෙඩ රෝග හේතුවෙන් වසරකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවනවා. එහිදී ඉහළ මරණ ප්‍රතිශතයක් වාර්තා වන රෝග අතරට පිළිකා ද අයත්.

ලංකාවේ සුලබ පිළිකා වර්ග අතුරින් “ලේ පිළිකා” හෙවත් ලියුකේමියාව භයානක රෝගී තත්ත්වයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා.ලියුකේමියාව නිසා මේ මොහොත වෙනකොට කවුරුම හරි කෙනෙක් ජිවිතයෙන් සමු ගන්න ඇති. ඕනෙම දෙයකදී අපේ ආරක්ෂාව අපිම බලාගන්න එක හොඳයි.ඒ නිසා අපි අද ඔබට ලියුකේමියාව ගැන කියලා දෙන්නම්.

ලියුකේමියාව කියන්නේ…
ඇටමිදුළු වලින් තමයි අපේ රුධිරයේ තිබෙන රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා නිපදවෙන්නේ.එතකොට ඇටමිදුළු තුළ තියෙන නොමේරූ රුධිර සෛල වර්ධනය වෙලා රුධිරය නිපදවීම් සිදු වෙනවා.නමුත් මේ තත්වයේදී නොමේරූ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා අත්‍යවශ්‍ය රුධිර සෛල වර්ධනයට බාධා කරනවා.එතැනදී නොමේරු රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා ලියුකේමියාව කියන පිළිකා රෝගය ඇතිවනවා.

ලියුකේමියා වර්ග
ඇක්ටික්ස් ලිම්ෆොබ්ලාස්ටික් ලියුකේමියාව (ALL)
දැඩි ආමාශයික ලියුකේමියාව (AML)
නිදන්ගත ලිම්ෆොසිටික් ලියුකේමියාව (CLL)
නිදන්ගත ආමාශයික ලියුකේමියාව (CML)

ලියුකේමියාව ඇති වීමට හේතු
උපතේදී ඇති වන ජාන ගැටළු
විකිරණ වලට නිරාවරණය වීම
අධික ලෙස දුම් පානය කරන්නන්

රෝග ලක්ෂණ
සම මත දම් හෝ රතු ලප
ඉදිමුණු වසා ගැටිති
ඉරුවරාදය
අස්ථි වේදනාව
රුධිර වහනය
සුදුමැලි සම
තෙහෙට්ටුව සහ කෑම අරුචිය
රුධිර පට්ටිකා අඩු වීම
විදුරුමස් ඉදිමීම
රාත්‍රී කාලයේ අධික ලෙස දහදිය දැමීම
උණ සහ හතිය
විදුරුමස්, නාසය හා මුත්‍රා මාර්ගයෙන් ලේ ගැලීම
අක්මාව සහ ප්ලිහාව ඉදිමීම

රෝගය හඳුනා ගැනීම
FBC
Blood Picture
Bone Marrow Biopsy
Flow cytometry පරික්ෂාව
MRI
X Ray
CT Scan

වෛද්‍ය ප්‍රතිකාර
ලියුකේමියා රෝගය වැළඳුණු පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම බොහෝවිට සිදුකෙරෙන්නේ මහරගම අපේක්ෂා පිළිකා රෝහලෙන්. එම රෝහලට ඇතුළත් කරන රෝගීන්ට ලියුකේමියා නාශක ඖෂධ ලබාදෙනවා. එසේම රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ද ලබාදීම සිදුකරනවා. ඊට අමතරව ඇටමිදුළු බද්ධය නම් සාර්ථක ප්‍රතිකාර ක්‍රමය මඟින් ලියුකේමියා රෝගීන්ව සුව කළ හැකියි. මීට වසර 5කට පමණ පෙර මහරගම අපේක්ෂා පිළිකා රෝහ තුළ ඇටමිදුළු බද්ධය සිදුකළේ නැහැ. නමුත් 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී එම රෝහල තුළ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ස්ථාපිත කළා. ඒ අනුව අද වන විට මෙරට තුළ දී ඇටමිදුළු බද්ධයක් කරගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

(උපුටාගිනීම sharecare බෙව් අඩවිය)

Previous articleඔබත් ඉකිලි කැසීමේ රෝගයෙන් පෙලෙන අයෙක් නම් නිට්ටාවටම හොද කරගන්න ක්‍රම 15ක් මෙන්න
Next articleකවුරුත් කන්න අකමැති පතෝල වල ඇති ස්වභාවිකවම වකුගඩුවල ගල් ඉවත් කිරීමේ විශ්මිත ගුණය ගැන ඇහුවොත් ඔබත් පුදුම වෙයි
error: Content is protected !!
Verified by MonsterInsights