Home Uncategorized ඔයත් මේ වගේ වේදනාවක් ආවහම උණුවතුරෙන් , ඇල්වතුරෙන් තවනවාද ? එහෙනම් අද...

ඔයත් මේ වගේ වේදනාවක් ආවහම උණුවතුරෙන් , ඇල්වතුරෙන් තවනවාද ? එහෙනම් අද ඉදන් ඒ ගැන දැනගෙන තවන්න.

0
76

අපිට කොන්ද රිදෙනකොට, බෙල්ල තදවෙලා වගේ දැනෙනකොට, නැත්නම් වළලුකර උළුක්කු වුණාම , අපි ගෙදරදීම කරන ප්‍රතිකර්ම දෙකක් තමයි උණු වතුරෙන් තැවීම එහෙමත් නැත්තම් අයිස් කැට තියන එක.

එත් අපි කවුරුත් හරියටම දන්නේ නෑ ..මොන වගේ වෙලාවටද උණු වතුරෙන් තවන්නේ ,අයිස් කැට තියන්නේ කියලා. මේ කතා කරන්න යන්නේ ඒ ප්‍රතිකාර ක්‍රම දෙක ගැන.
සීතල ප්‍රතිකර්මය (Cryotherapy) කියලා කියන්නේ සුව කිරීමේ අරමුණින් “සීතල” භාවිතා කිරීමයි. මෙය අධි-තාක්ෂණික “Whole Body Cryotherapy” වැනි කුටිවල සිට, ගෙදරදී පාවිච්චි කරන අයිස් පැක් එක දක්වා පුළුල් පරාසයක පවතිනවා.

හදිසි ඉදිමුම් සහ වේදනා සඳහා මේ ප්‍රතිකර්මය කරන්න පුළුවන්. වැටීමක්, උළුක්කු වීමක් වගේ අවස්ථාවකදී පළමු පැය 48-72 (දින 2-3) ඇතුළත විශේෂයෙන් බාහිර තුවාල නැති අවස්ථා වල එනම් වළලුකර උළුක්කු වීමක් , වැටීමකින් හෝ ගැටීමකින් පසු ඇතිවූ ඉදිමුමක්, ආදී අවස්ථාවලදී මෙම ප්‍රතිකාර ක්‍රමය වැදගත් වෙනවා.

උණුසුම් ප්‍රතිකර්මය (Thermotherapy) යනු සුව කිරීමේ අරමුණින් “උණුසුම” භාවිතා කිරීමයි. ගෙදරදී අපිට ‘මතුපිට රස්නය’ (Superficial Heat) සරලව යොදාගන්න පුළුවන්. නිදන්ගත වේදනා සහ තද ගතිය සඳහා ,”පරණ” සහ “දිගුකාලීන” තත්වයන් සඳහා. (එනම්, දින 3-4 කට පසුව, අලුත් ඉදිමුම බැස ගිය පසු). දින ගණනාවක් තිස්සේ තියෙන වේදනාවන් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්න පුළුවන්.

මේවා රෝග ලක්ෂණ තාවකාලිකව පාලනය කිරීමට උදව් වන ප්‍රතිකර්ම පමණයි. ඔබේ වේදනාව දරුණු නම්, අඩු නොවන්නේ නම්, හෝ අත-පය හිරිවැටීමක් වැනි වෙනත් ලක්ෂණ ඇත්නම්, එය නොසලකා හරින්න එපා. වහාම වෛද්‍ය උපදෙස් හෝ ඔබේ භෞත චිකිත්සකවරයාගේ (Physiotherapist) උපදෙස් ලබාගන්න.

Previous article“ආත්මයක් ආත්මයක් ගානේම මගේම අයියා වෙලා ඉපදෙන්න” යුගයක් සිය මියුරු ගී හඬින් සැනසූ ඔහු වෙනුවෙන් සොහෙයුරිය එක්කළ සටහන… Photos
Next articleබත් කන ගමන් වතුර බොන්න හුගාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. හැබැයි බත් කනකොට වතුර බිව්වට ඒක ශරීරයට හොඳද නරකද කියලා දැන ගත්තේ අදනේ…
error: Content is protected !!
Verified by MonsterInsights