ඔයාටත් කැස්ස තියෙනවද ? මේ දවස්වල හැමෝටම තියෙන කැස්සට මෙන්න අත්දුටු බෙහෙතක්…

ඔයාටත් කැස්ස තියෙනවද ? මේ දවස්වල හැමෝටම තියෙන කැස්සට මෙන්න අත්දුටු බෙහෙතක්…

අද කතා කරන්නට යන්නේ සෙම කැඩී නොඑන වියළි කැස්සට අත්දුටු ප්‍රතිකාරයක් ගැන.

කහින කොට පපුවට මහන්සියක් හා වේදනාවක් දැනෙන එක මෙහි ස්වභාවය.

අධික ලෙස කහින කොට උගුරෙන් ලේ ස්වල්පයක් ගැනීමත් වියළි කැස්සේ ස්වභාවයක්.

අධික වියළි කාලගුණයක් පවතින විට දූවිලි සහිත පරිසර තත්වයන් තුළ ගැවසීම නිසා නිසාත් මේ වියළි කැස්ස හටගන්නට පුළුවන්. මේ වියළි කැස්සට අපේ ගමේ ගොඩේ අය ප්‍රතිකාර වශයෙන් කළේ අත් බෙහෙත් භාවිතය.

දේශීය වෙදකමට අනුව වියළි කැස්ස ඇතිවීමට ප්‍රධාන හේතුවක් තමයි වාතය කෝපවීම. ඒ නිසා කොස් වැනි වාතය කෝප වන ආහාර ගැනීම එවැනි අවස්ථාවකදී නොකළ යුතුයි.

ඒ වගේම උෂ්ණාධික ආහාර භාවිතයත් සුදුසු නෑ. එළබටු කොළ කැඳ, වියළි කැස්සට අතිශයින්ම ගුණදායකයි. තිබ්බටු කැඳ වගේම තිබ්බටු දලු කැඳත් ඉතා ගුණදායක බව කිව යුතුයි. ඒ වගේම කළු උක් ගස්වල ගොබය ප්‍රදේශය කපාගෙන කැඳ සාදා බීමත් කරනවා. ඒ කාලේ අපේ ගම්වල පැරැන්නන් වියළි කැස්ස සුවපත් කර ගත්තේ මේ වගේ කැඳ පානයෙන් තමයි.

හැබැයි අද මං කතා කරන්න යන්නේ එහෙම කැඳ ප්‍රතිකාරයක් ගැන නම් නෙවෙයි. ඊටත් වඩා සුවිශේෂී කැස්ස දුරුකරන පැණියක් ගෙදරදි ම හදාගන්න විදියක් ගැන.

ඒ සඳහා,

ආඩතෝඩා කොළ (පාවට්ටා) ග්‍රෑම් 100ක්
පිරිසිදු වැල්මී ග්‍රෑම් 100ක්
තිප්පිලි ග්‍රෑම් 5ක්
ගම්මිරිස් ඇට ග්‍රෑම් 5ක්
තල් සූකිරි ග්‍රෑම් 300ක්

මුලින්ම ආඩතෝඩා, වැල්මී, තිප්පිලි සහ ගම්මිරිස් ඉහත කී ප්‍රමාණවලින් අරගෙන ඊට වතුර පත 16ක් (ලීටර් 4ක් පමණ) එක් කර පත 2 කට (මිලිලීටර් 500)හිඳ ගන්න.ඊට තල් සූකිරි ග්‍රෑම් 300 ක් එකතු කර නැවත ළිප තබා පැණි පදමට හිඳගන්න.

මේ පැණිය අවුරුදු 2 සහ 5 අතර දරුවන්ට තේ හැඳි බාගයක්,අවුරුදු 5-12අතර දරුවන්ට තේ හැඳි එකක් සහ අවුරුදු 12 ට වැඩි අයට මේස හැදි එකක් බැගින් දවසට තුන් වතාවක් දෙන්න.

(දියවැඩියා රෝගයෙන් පෙළෙන අය මේ ප්‍රතිකාරය පාවිච්චි කරන්න එපා.)

ඒ වගේම කළු උක් දඬු ඉස්ම අරගෙන ඒවට මී පැණි කලවම් කර පොඩි දරුවෙකුට තේ හැඳි භාගයක්, වැඩිහිටි අයෙකුට වරකට මේස හැඳි 2ක් දෙන්න.වියළි කැස්සට මේ ප්‍රතිකාරයත් අතිශයින් ගුණදායකයි.

වියළි කැස්ස හේතුකොට ගෙන පපු ප්‍රදේශය රිදුම් දෙනවා නම්, බටු තෙල් හෝ අබ තෙල් රත්කර පපු ප්‍රදේශයේ ගාන්න.

පොඩි දරුවන්ගේ පපු ප්‍රදේශයේ බටු තෙල් ආලේපය වඩාත් සුදුසුයි. වියළි කැස්ස මුලුමනින්ම දුරලන්නට මේ ප්‍රතිකාර සියල්ල ම ඉතාමත් ගුණදායකයි.

උපුටාගැනීමක්

Uncategorized