Home Uncategorized සැතපුම් ගණන් ඈත ඉදන් වුනත් හරියටම ගෙදර එන බළලුන්ට තියෙන ඒ සුපිරි...

සැතපුම් ගණන් ඈත ඉදන් වුනත් හරියටම ගෙදර එන බළලුන්ට තියෙන ඒ සුපිරි හැකියාව ගැන දන්නවද ?

0
68

ඕගොල්ලො දන්නවද බළල්ලුන්ට පුළුවන්ලු සැතපුම් ගාණක් ඈත තියෙන තමන්ගෙ ගෙදර හොයාගෙන එන්න. ඒකට හේතු කීපයක්ම බලපානවා.

බළල්ලුන්ට පොළොවේ තියෙන චුම්භක ක්ෂේත්‍රය තේරුම් ගන්න පුළුවන්. හරියට මාලිමාවක් වගේ. කුරුල්ලෝ, මාළු, ඉබ්බෝ වගේ සත්තුන්ටත් මේ හැකියාව තියෙනවා. බළල්ලුන්ගේ ඇඟ ඇතුළේ තියෙන පුංචි යකඩ අංශු (magnetite particles) නිසා වෙන්න ඇති මේක වෙන්නේ කියලා විද්‍යාඥයෝ හිතනවා. ඒ හින්දා එයාලට පුළුවන් නිවැරදි දිශාව දැනගෙන ගමන් කරන්න.

බළලුන්ගේ ඔළුවේ තියෙන trigeminal nerve හරහා මේ තොරතුරු මොළයට යනවා වෙන්නත් පුළුවන්. නමුත් තාම හරියටම කොහොමද මේක වෙන්නේ කියලා විද්‍යාඥයෝ හොයාගෙන නෑ.

මේ මැග්නෙටික් සිතියම් (magnetic map) බළල්ලුන්ට පාර පෙන්වන හරිම සිතියමක් වගේලු. එයාලා ඉන්න තැන චුම්භක ක්ෂේත්‍රයේ තියෙන විශේෂ ලක්ෂණ මතක තියාගන්නවා. එයාලා කොහෙදි හරි නැති වුණොත් මේ මතකය පාවිච්චි කරලා තමන්ගෙ ගෙදර හොයාගන්න පුළුවන්. හරියට අපි Google Maps පාවිච්චි කරනවා වගේ.

මීට අමතරව බළල්ලුන්ට තියෙන්නේ හරිම දියුණු නහයක්. එයාලට සුවඳින් තැනක් හඳුනාගන්න පුළුවන්. ඒ හින්දා තමයි බළල්ලු තමන්ගේ වටපිටාවට පුරුදු වුණාම සුවඳ තියලා සීමා සලකුණු (territorial marking) කරන්නේ. නැති වුණාම ගෙදරට පුරුදු සුවඳක් ඈතින් දැනුණත් ඒක පස්සේ ගිහින් ගෙදර හොයාගන්න එයාලට පුළුවන්.

මේ හැමදේටම අමතරව බළල්ලුන්ගේ මතකයත් හොඳට වැඩ කරනවා. ගස්, පාරවල්, ගෙවල් වගේ දේවල් මතක තියාගෙන එයාලා ගෙදර එන පාර හොයාගන්නවා.

ඇත්තටම සමහර අවස්ථාවලදී බළල්ලු සැතපුම් 100කට වැඩිය ඈත ඉඳන් පවා තමන්ගෙ ගෙදරට ඇවිත් තියෙනවා.

© Factscape copied

Previous articleසිංහලේ අවසන් රජුගේ රාජකීය ඇඳුම් පොට්ටනිය ගරාවැටුණු වලව්වක , අවුරුදු 125ක්ම පෙට්ටගමේ සැඟවී තිබුණු හැටි..
Next articleඔබේ ලග්නය අනුව හරියටම ඔබට පිහිටවන දෙවියන් මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights