දත් කැක්කුම දරුවන්ගේ පණු රෝග ඇතුලු විශ නසන කටුපිල වල ඇති ගුණ දන්නවාද ?

දත් කැක්කුම දරුවන්ගේ පණු රෝග ඇතුලු විශ නසන කටුපිල වල ඇති ගුණ දන්නවාද ?

කටු පිල 🍀
🍀 දේශීය වෙදකමේ දී බොහෝ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගනු ලබන වටිනා ශාකයකි ..
🍀කටුපිල ශාකය දේශීය ආයුර්වේදයට අනුව පමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කළ පර්යේෂණ තුළින් ද පිළිකා නාශක ගුණය ඇති බවට විද්‍යාත්මකව සනාථ කර ඇති බවටයි සඳහන් වන්නේ..
🍀 කටුපිළ වලින් සාදාගන්නා කැඳ සියලු පිළිකා රෝග සඳහා ගුණදායක වනවා . එමෙන්ම බඩවැල්වල සෑදෙන රෝග සඳහා ද ,දත් කැක්කුම ,කුඩා දරුවන්ගේ පණු රෝග, ප්ලීහාවේ සහ අක්මාවේ හටගන්නා රෝග , ගර්භාෂයේ හටගන්නා ගෙඩි ආදී රෝගී තත්වයන් සඳහා ද කටුපිළ ඔසුවක් ලෙස භාවිතා කරනවා .
🍀 මෙහි ඇති විෂ නාශක ගුණය හේතුවෙන් මී විෂ හා සර්ප විෂ සඳහා ප්‍රතිකාර කිරීමටද යොදා ගන්නවා .
🍀 මීට අමතරව කටුපිළ විෂබීජ නාශක සහ රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන්ද යුක්ත වෙනවා ..
🍀 ආරක්ෂාවේ පානය ලෙස හඳුන්වනු ලබන කටුපිළ තේ ,පිළිකා නාශක ගුණය සඳහා පහසුවෙන් ලබාගත හැකි ඉතා වටිනා ස්වභාවික පානයකි.
🍀 කටුපිළ ශාකයේ පංචාංගයම ඖෂධ සඳහා භාවිතා කරනවා .
🍀 යටි පතුලේ හටගන්නා කටු පිලිකා වලට කටුපිළ ශාකයේ පංචාංගය, කහ සහ ලුණු සමඟ කොටා මලවා බැදීම සිදුකරනවා .
💚 පහසුවෙන් වගා කර ගත හැකි මෙවැනි වටිනා ඖෂධිය ශාක ඔබේ ගෙවත්තටත් එක්කර ගත්තොත් හොඳයි නේද …💚
✍️📷 අනූජා ජයවර්ධන.
~ උපුටා ගැනීමකි…📝💛

Uncategorized