Home Uncategorized රෑට මුදවාපු කිරි කන්න එපා කියන්නේ ඇයි කියලා දන්නවද ? හේතුව මෙන්න

රෑට මුදවාපු කිරි කන්න එපා කියන්නේ ඇයි කියලා දන්නවද ? හේතුව මෙන්න

0
64

 

මේ ලිපියෙන් කතා කරන්න හිතුවෙ එදිනෙදා ජීවිතයේදි අපි අතින් ආහාර ගැනීමේදී නොදැනුවත්ව වෙන්න පුළුවන් වැරදී කිහිපක් ගැන.

අපේ කාර්යබහුලත්වයත් එක්කම අපි ඉතා ඉක්මනින් ආහාර ගැනීමට පුරුදුවෙලා ඉන්නවා.

ඒත් එවිට ආහාර හොදින් හපා කෑමක් සිද්ද වෙන්නෙ අඩුවෙන්. මේ නිසා ආහාර දිරවීමේදි අපහසුතාවයක් ඇති වෙනවා.

ඒ වගේම තමයි තෑම කැවට පස්සෙ ආමාශයේදි ආහාර ආමාශයේ ස්‍රාවන් සමග හොදින් ගැටෙන්න ඔ්න.

ඒත් කෑම කාලා වතුර ගොඩක් බිව්වොත් මේ ස්‍රාවයන්ගේ සාන්ද්‍රනය අඩු වෙන නිසා, ආහාර ආමාශය තුල පල් වීමට ඉඩක් තියෙනවා.

ඒ නිසා ආහාර ගත් විගස ලොකු වතුර ප්‍රමාණයක් පානය කිරිම හොද දෙයක් නම් නෙමෙයි.

අනිත් දේ තමයි අපි කෑම ගන්න කොට මාළු සහ කිරි එකට ගැනීම නම් හොද නැහැ.

මොකද මේ වර්ග දෙකම සෙම වඩන නිසා මේවා එකට ගත්තම සෙම රෝග ඇති වීමේ හැකියාව වැඩියි.

කියන්න ඔ්න තවත් දෙයක් තමයි රෑට මුදවාපු කිරි කෑම නම් අහිතකරයි. මොකද මී කිරිද සෙම වැඩෙන අහාරයක්.

මේ නිසා ශරීරයේ ඇතිබෙන සියුම් ශ්‍රොතස්(සිදුරු) අවහිර කරනවා.

ඒ වගේම ශීතකරණයේ ඇති සීතල වතුර නම් පුරුද්දක් විධියට බොන එන හොද නැහැ.

ප්‍රතිශ්‍යාව ඇති විට, කුඩා දරුවන්ට ( බාල කාලයේ සෙම් රෝග වැඩි නිසා ) එතරම් හොද නැත. ග්‍රීෂ්ම කාලයේ නම් බිව්වට වරදක් නැහැ.

ඒ වගේම පරණ ආහාරත් මෙහි තබාගෙන දින ගනන් කෑම ජීර්ණ පද්ධතිය ආශ්‍රීත රෝගද වැලදෙන්න පුළුවන්.

මේ වගේ සුළු කාරණා ගැන දැනුවත් වෙලා අපිත් නිරෝගී ජීවිතයක් ගතකරමු.

Previous articleරෝගය වඩා උත්සන්න වීමට පෙර ප්‍රතිකාර ගැනීමට වගබලා ගන්න.. හිතනවාට වඩා දරුණු ගැස්ට්‍රයිටීස් ගැන ඇසෙන කතාව මෙන්න..
Next article“අප්පච්චිට දෙන්න මීට වඩා හොඳ තෑග්ගක් අපි දන්නෙ නෑ…” – කෛලාෂ් පුතා සීයා බලන්න ගිහින්…
error: Content is protected !!
Verified by MonsterInsights