දැනගෙන හිටියද, ඔබ මෙන්න මේ කියන කාරණාව ගැන. ලෝකයේ ජිවත් වෙන ඕනෑම කාන්තාවකට ආදරය කියන දේ හොඳින්ම දැනෙන අවස්ථාවක ඇගේ මොළයේ විශාල වෙනස්කම් ගණනාවක් සිදු වෙනවා කියලා…….. ඔව් ඒක ඇත්ත.
නවතම පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා කාන්තාවක් තමන්ට සැබවින්ම ආදරය ලැබෙනවා කියලා දැනෙනකොට, ඇගේ මුළු ශරීරයම අලුත් වෙන්නත්, සුව වෙන්නත් පටන් ගන්නවා කියලා.
මේ පර්යේක්ෂණවල විශේෂම කාරණය තමයි ආරක්ෂිත බව සහ ගැඹුරු බැඳීම කියන දේවල් කාන්තාවකගේ ශාරීරික සෞඛ්‍යයට කෙළින්ම බලපාන බව.
කාන්තාවකට වටිනාකමක් ,ගරුත්වයක් වගේම අයගේ හැගීම්වලට ගරු කරනවා වගේ කියලා දැනුනොත් අයගේ ශරීරයේ ඇතුළත පුදුම වෙනස්කම් ගණනාවක් වෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා.
ඒ සිදු වෙන වෙනස්කම් සරලවම මෙන්න මේ විදියට පෙළ ගස්සවන්න පුළුවන්.
1. ආතතිය අඩු වෙනවා.
2. රෝග අවදානම අඩු වෙනවා.
3. සුව කිරීමේ ශක්තිය වැඩි වෙනවා.
මේ කොහොම වුණත් ආදරය කියන්නේ හැගීමක්ම විතරක් නෙවෙයි,ලෝකේ මිනිස්සු ජිවත් කරවන්න පුළුවන් බලයක්.









