Home Uncategorized රෝගකාරක බැක්ටීරියාව වර්ධනය වුණේ කොහොමද කියන එක අවසානයේ වෛද්‍යවරුන්ටත් ගැටලුවක් වුණා.. ඔබටත්...

රෝගකාරක බැක්ටීරියාව වර්ධනය වුණේ කොහොමද කියන එක අවසානයේ වෛද්‍යවරුන්ටත් ගැටලුවක් වුණා.. ඔබටත් මේ පුරුද්ද තියනවා නම් වහාම ඒක නවත්වන්න..

0
80

සමහර වෙලාවට බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්න ඇතැම් දේ නිසා ඔබ නොහිතාම කරදරවලට මුහුණ දෙන්න වෙනවා කියලා නිකමට වත් හිතලා බැලුවාද..?

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ඔබ දැනුවත් විය යුතුම තවත් එක කතාවක්.. මොකක්ද මේ ඔබ වහාම අත් හැරිය යුතු ඒ මාරක පුරුද්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.

ඔබත් Cotton buds භාවිතා කරමින් කන් සුද්ධ කිරීමට පුරුදුව සිටිනවාද..? ආසන්න දිනක ක්ලාන්ත වීමක් නිසා රෝහල්ගත කළ 31 හැවිරිදි නීරෝගී පුද්ගලයෙකු රෝහලට පැමිණි අවස්තාවේ රෝග නිර්ණය වෛද්‍යවරුන්ට ඉතා අපහසු වුණා..

පසුව රෝගියා කියා සිටියේ ඔහුට දින කිහිපයක සිට හිසරදයක් පැවති බවත් ඒ කාලය තුළදී ළඟම හිතවතුන්ගේ පවා නම් අමතකවූ බවත් අවුරුදු 5ක් පුරාවට වරින් වර කනේ වේදනාවක් සහ ශ්‍රවණ අපහසුතාවක් ඇතිවූ බවයි..

අවසානයේ රෝගියා සී ටී ස්කෑනර් යන්ත්‍රයට යොමු කළ පසු දැකගත හැකි වූයේ මොළය වටා ඇති පටකය පුරා පැතිරුනු සැරව පිරුණු සැරව ගෙඩියක්. ඒ අනුව රෝගය පිටුපස සිටි භයානක හස්තය සොයාගැනීමට වෛද්‍යවරු සමත් වුණා. Pseudomonas aeruginosa නම් රුදුරු රෝගකාරක බැක්ටීරියාව ඒ සඳහා වගකිවයුතු බව ඔවුන් අවසානයේ නිගමනය කළේ.

නමුත් ප්‍රශ්නය එතනින් අවසන් නැත මෙම මාරාන්තික බැක්ටීරියාව සජීවී හිස්කබලක් තුළට ආසාදනය වූයේ කෙසේද..?

පසුව රෝගියාගේ ශ්‍රවන මාර්ගය සෝදිසි කිරීමෙන් අනතුරුව කලින් භාවිතා කල Cotton bud කැබැල්ලක් සිරවී ඇති බව සොයාගන්නා ලදී.. බැක්ටීරියාව වර්ධනය වී ඇත්තේ ඒ මතයි..

මෙවැනි ආගන්තුක ද්‍රව්‍ය කන තුළට දැමීමෙන් කන් බෙරය සිදුරු වීම මොලෙහි ආසාදන සහ විවිධ ආසාදන ඇතිවන බව සොයාගෙන ඇතත් විස්තර සහිතව පළවූ එකම සිද්ධිය මෙය වන අතර, ඔබත් මෙය පුරුද්දක් වශයෙන් සිදුකරන අයෙක් නම් වහාම එය නවත්වන්න.. අනෙක් අයත් දැනුවත් කිරීමට පසුබට නොවන්න…

Previous articleඉතිහාස පොත රනින් ලියා අද එසේ අවසන් ගමන් ගිය හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහයන් ගැන ලියවුණු ඔබ නොඇසූ කතාවක්…
Next articleරෝගින් දහස් ගණනකගේ දෙනෙත් පෑදූ ඔහු තවත් උතුම් කටයුත්තකට සැරසෙද්දී නොකියාම ජීවිතයෙන් සමුගෙන…
error: Content is protected !!
Verified by MonsterInsights