දිගටම තියෙන හිසරදට මිග්‍රේන් කියලා රැවටෙන්න එපා..මොළයේ ඇති න හ ර යක් පු පු ර න් න කලින් ඒක පෙර නිමිත්තක් වෙන්න පුලුවන්ද..?

දිගටම තියෙන හිසරදට මිග්‍රේන් කියලා රැවටෙන්න එපා..මොළයේ ඇති න හ ර යක් පු පු ර න් න කලින් ඒක පෙර නිමිත්තක් වෙන්න පුලුවන්ද..?

“මට නිතරම මිග්‍රේන් හැදෙනවා… ටිකක් නිදාගත්තම හරියයි…” මේක තමයි අපි ගොඩක් දෙනෙක් කියන කතාව. හිසරදය කියන්නේ අපිට පුරුදු අත්දැකීමක් නිසා අපි ඒක ගණන් ගන්නේ නෑ. නමුත් ඔබ දන්නවාද? මොළයේ ලේ නහරයක් පිපිරීමට (Brain Aneurysm) හෝ මොළයේ ගෙඩියක් (Brain Tumor) ඇතිවීමට පෙර එන මූලික රෝග ලක්ෂණත්, සාමාන්‍ය මිග්‍රේන් එකත් ගොඩක් අය පටලවා ගන්නා බව?

ලේ නහරයක් පිපිරුණොත් ජීවිතය බේරාගන්න තියෙන්නේ විනාඩි කිහිපයක් විතරයි. ඒ නිසා මේ වෙනස අනිවාර්යයෙන්ම දැනගන්න.

🛑 “ක්ෂණිකව” එන හිසරදය: මිග්‍රේන් එකක් සාමාන්‍යයෙන් හෙමින් පටන් අරන් ටිකෙන් ටික වැඩි වෙනවා. නමුත් මොළයේ ලේ නහරයක් පුපුරන්න ළඟ නම්, හෝ පිපිරුණා නම් හිසරදය එන්නේ “ඔලුවට මිටියකින් ගැහුවා වගේ” එකපාරටමයි. එය තත්පර කිහිපයක් ඇතුළත දරාගන්න බැරි වේදනාවක් බවට පත් වෙනවා. මෙය ජීවිතේ අන්තරාදායකම රතු එළියයි.

🛑 බෙල්ලේ තද ගතිය (Neck Stiffness) හිසරදයත් එක්කම බෙල්ල හරවන්න අමාරුද? නිකට පපුවේ ගාවන්න බැරි තරම් බෙල්ලේ පිටුපස තද ගතියක් දැනෙනවාද? මෙය සාමාන්‍ය උරහිස් අමාරුවක් නෙවෙයි. මෙය මොළයේ පටල වලට ලේ කාන්දු වීමක (Meningism) ලක්ෂණයක් විය හැකියි.

🛑 ඇස් පෙනීම වෙනස් වීම (Vision Changes) මිග්‍රේන් වලදීත් ඇස් බොඳ වෙනවා. නමුත් මොළයේ ලේ නහරයක් ඉදිමී ඇති විට (Aneurysm), එය ස්නායු තෙරපීම නිසා එක වස්තුවක් දෙකක් වී පෙනීම (Double Vision) හෝ ඇහිපිය කඩා වැටීම සිදු විය හැකියි.

🛑 වමනය සහ සිහි මද ගතිය හිසරදයත් එක්කම පාලනය කරගන්න බැරි වමනයක් එනවා නම්, සහ නිතර නිදිමත ගතියක් හෝ සිහි කල්පනාව අඩුවීමක් දැනෙනවා නම් ප්‍රවේසම් වන්න. මෙය මොළය ඇතුලේ පීඩනය (Intracranial Pressure) වැඩි වීමේ ලක්ෂණයක්.

⚠️ මිග්‍රේන් ද? භයානක ලෙඩක් ද? ඔබට අවුරුදු ගාණක් තිස්සේ හැදෙන සාමාන්‍ය හිසරදය වෙනස් වී, වෙනදට වඩා දරුණු විදිහට, අලුත් විදිහකට හිසරදය එනවා නම් එය “මිග්‍රේන්” කියලා හිතලා ගෙදර ඉන්න එපා…

💁‍♀️ ජීවිතයද? සල්ලිද? මොළයේ සැත්කම් (Neurosurgery) කියන්නේ ලෝකයේ මිල අධිකම සැත්කම් වර්ගයක්. රජයේ රෝහල් වල මේ සඳහා පහසුකම් තිබුණත්, CT Scan හෝ MRI Scan සඳහා දිගු පෝලිම් තිබිය හැකියි. හදිසි අවස්ථාවකදී පුද්ගලික රෝහලක MRI එකක් කරන්න රු. 35,000 – 60,000 අතර මුදලක් යනවා. හදිසි සැත්කමක් කරන්න වුණොත් ලක්ෂ 20-30 ඉක්මවා යනවා.

ඔබට පුළුවන් පොඩි සැකයක් ආපු ගමන් ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් (Neurologist) මුණගැහිලා උපදෙසක් ගන්න, වෛද්‍යවරයා ස්කෑන් පරීක්ෂණයක් කරගන්න කීවොත් කවදාවත් ඒක මග අරින්න නම් එපා.

👉 මම ඔබට කාරුණික යෝජනාවක් කරන්න කැමති, ඔබට මේ වගේ පරීක්ෂණයක් මුදල් ගෙවා කිරීමට ආර්ථික හැකියාවක් තියෙනවානම් ඔබ ඒ පරීක්ශණය පෞද්ගලික රෝහලකින් කරගන්න උත්සහා කරන්න.

එහෙම උනොත් ආර්ථික අපහසුතා තියෙන රෝගීන්ගේ පරීක්ෂණ ඔව්න්ට ඉක්මනින්ම රජයේ රෝහලකින් කර ගන්න පුළුවන්. මොකද අපේ රජයේ රෝහල් වල මෙම scan යන්ත්‍ර ඉතාම සීමිතයි . සමහර රෝගීන්ට මාස ගණන් මේ වෙද්දී පෝලිම් වල ඉන්න වෙනවා .

ඒ නිසා ඔබට ඒ වගේ ආර්ථික හැකියාවක් තියෙනවා එය පුද්ගලික අංශය මගින් කර ගැනීමෙන් ඔබට කාගේ හෝ ජිවිතයක් බේරාගැනීමට උපකාරයක් උනා වෙන්න පුළුවන් .

අපි හැමෝටම ආර්ථික අපහසුතා තියෙනවා . හැබැයි මතක තියාගන්න ජීවිතය සල්ලි වලට වඩා ගොඩක් වටිනවා.

මෙම තොරතුරු දැනුවත් කිරීම පිණිස පමණි. රෝග විනිශ්චය සඳහා වෛද්‍යවරයෙකු හමුවන්න.

සටහන
හෙදියකගේ දිනපොත

⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්.
(Share button එක භාවිතා කරන්න).
©️ [ හෙදියකගේ දින පොත ] – All Rights Reserved.

 

Life Style