මහරගම පේරගස් හන්දිය ප්‍රදේශයේ සුපිරි වෙළද සැලකදී ජයසේකර අපෝන්සු මහතාට ඊයේ රාත්‍රියේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගැනයි මේ වාර්තාව.
මෙය ඔහු මුහුණු පොතට එක්කර තිබුණා.
මහරගම පේරගස් හන්දිය ප්‍රදේශයේ සුපිරි වෙළද සැලකදී ජයසේකර අපෝන්සු මහතා සතුව තිබු ජංගම දුරකථනය අස්ථාන ගතව තිබෙනවා.
ජයසේකර අපෝන්සු මහතා තමන් සතුව තිබූ පරණ දුරකතනය තම හිතවත් රූපසිංහ මිතුරාට තෑගි කර, ඉතා අමාරුවෙන් සල්ලි එකතු කර අලුතින් ගත් දුරකතනය මෙලෙස අතුරුදන් වී ඇති බවයි ඔහු පවසන්නේ.
මුදල් ගෙවන කවුන්ටරය අසල අමතක වී තිබියදී කවුරුන් හෝ එය රැගෙන ගොස් ඇති බවට සැක කෙරෙනවා.
මේ වන විට ඔහු දැඩි අසරණභාවයට පත්ව සිටින අතර, මෙම සටහන තබන්නේද රූපසිංහ මිතුරාගේ දුරකතනයෙන් බව සදහන්.
යම් හෙයකින් මෙම දුරකතනය ඔබට හමු වූයේ නම් හෝ ඒ ගැන තොරතුරක් දන්නේ නම්, අනුන්ගේ කඳුළු මත සතුටු නොවී, මනුස්සකම පෙරදැරි කරගෙන පහත අංක වලට වහාම දැනුම් දෙන්න:
සම්බන්ධ වීමට: 0112400918 – 0725583964
සටහන: දැනටමත් අදාළ ස්ථානයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර, ගත් අයෙකු සිටී නම් පොලිස් පරීක්ෂණ වලට පෙර එය භාර දී ඔබේ ගෞරවය රැකගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.












