Home දේශිය පුවත් ” දුක් නොවී මා ගැන නිවනින් සැනසෙන්න මගේ අම්මේ..” මවගේ මතකයන් එක්ක...

” දුක් නොවී මා ගැන නිවනින් සැනසෙන්න මගේ අම්මේ..” මවගේ මතකයන් එක්ක තවමත් ජීවත්වෙන තිසුරි තැබූ සංවේදී සටහන මෙන්න

0
81

පුංචි කාලේ ඉඳන් දුවෙකුගේ සෙවනැල්ල වෙන්නේ ඇගේ ආදරණීය අම්මා.. තිසුරිට කියලා ඒ කාරණයේ වෙනසක් නම් නැහැ..

ඒත් දැන් ඇගේ ආදරණීය මව ඇයට මතකයක් විතරයි..

සුසන්තා චන්ද්‍රමාලි, අපේ රටේ කවුරුත් ආදරේ කරන මේ ප්‍රවීණ කලා ශිල්පිනි‍යක්.. මීට ටික කාලෙකට කලින් ජීවිත ගමනින් සදා සමුගන්නවා…

දුවෙක් විදිහට තිසුරිට මේ නික්මයාම ගොඩක් තදින් දැනෙන එකක්…

කාලෙකට පස්සේ ඇය සමාජමාධ්‍ය පිටු අතර මෙන්න මේ විදිහට ඒ ගැන සටහනක් පළ කරලාතිබුණා..

“මම ඉඳගෙන අපෙ සාලයේ,දොරටුව දෙස බලා සිටිමි,
මෘදුව නගන පා හඬ දැන් ඇහෙන්නෙ නෑ ගෙයි වත්තේ,
සුළඟට වැනෙන ඔබෙ ගස්වල පාළු කතා අසා සිටිමි,
දුකින් හඬන සුළඟ මවන හිස්තැනක්ය අද ඇත්තේ.

මම ඇස්පියන් ඔබෙ රුව දකිමි, ඒ දිහාම බලා සිටිමි,
සෙමින් සෙමින් කඳුලු වැටේ,ඔබව දැනෙයි හිත මැද්දේ.
මගෙ නහර,ඇට මිඳුලු,ලේ බිංදුවක් පාසාම මම ඔබව විදින්නෙමි,
අදත්,හෙටත්,කෙදිනකවත් නොපිරවෙයි මේ හිස්තැන අම්මේ.

මම දෑස් අරිමි, සිත තද කළෙමි,ඔබේ වදන්ම සිහිගන්වමි,
ඔබෙ වදන් ඔබේ සුසුම් මේ නිහඬ බවෙයි අද ඇත්තේ.
මේ හිස්තැන මැදින් හුස්ම ගනිමි, මතකයන් අහුරමි,
දුක්නොවී මා ගැන නිවනින් සැනසෙන්න මගෙ අම්මේ.”

Previous articleඇමති සොරුන්ගේ තර්ජන සහ ගර්ජන නොතකා තම රාජකාරියේ ස්ථිරව සිටි අපේ කාලයේ වීරයන්!
Next articleවෙනස් වෙනස් වැඩ කරන ත්‍රිකලාගේ රෝස පාට ත්‍රීරෝද රථය ගැන ඇසෙන කතාව මෙන්න. සමාජ මාධ්‍යයෙන් ඉහල ප්‍රතිචාර.
error: Content is protected !!
Verified by MonsterInsights