Home Uncategorized මේක නම් හදාගන්න එපා. හැදුනොත් මාස ගාණක් විඳවන්න වෙයි. මේ රෝග ලක්ෂණ...

මේක නම් හදාගන්න එපා. හැදුනොත් මාස ගාණක් විඳවන්න වෙයි. මේ රෝග ලක්ෂණ තියෙයි නම් ඔයාටත් චිකන්ගුන්යා වෙන්න පුළුවන්…!

0
44

“චිකන්ගුන්යා හැදුණු දරුවන්ගේ වැඩිවීමක් දකිනවා. පවුල් පිටින් චිකන්ගුන්යා හැදිල ඉන්නවා.
ඒ නිසා චිකන්ගුන්යා හදාගන්න එපා. හැදුණොත් විඳවන්න වෙනවා මාස ගාණක්. මේ තත්ත්වයෙන් මිදෙන්න තමන්ගේ ගෙවල් දොරවල්, පාසල් පරිශ්‍ර නිතර සුද්ද කර ගැනීම ඉතා වැදගත්…” යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මේ දිනවල චිකන්ගුන්‍යා වැලඳුණු දරුවන් නිරතුරුව ප්‍රතිකාර සඳහා ළමා රෝහලට පැමිණෙන බවයි ඔහු සදහන් කරන්නේ.

වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ ද කීය.

“දරුවකුට දින 2 කට වඩා උණ තිබීම, නාසය උඩ කළුපැහැ වීම, හන්දිපත් රුදාව වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් දරුවාව වෛද්‍යවරයකු වෙත රැගෙන යන්න. ඊඩිස් මදුරුවාගෙන් තමයි මේක බෝවෙන්නේ. හන්දිපත් රුදාව මාස ගාණක් තියෙනවා. ඒ නිසා දරුවන්ට වගේම වැඩිහිටියන්ට කියන්නේ චිකන්ගුන්යා හදාගන්න නම් එපා කියලයි.”

Previous article“ඒකට නම් තවම උත්තරයක් දෙන්න විදියක් නැහැ.. මොකද ඒ දේවල් කොහොම වෙයිද කියන එක දැන්ම කියන්න බැහැ..” එයා මෙහෙම කියන්නේ මොකක් ගැනද..?
Next articleදියවැඩියාව සහ රෝග රාශියක් හොඳ කරන බණ්ඩක්කා සත්කාරය ගැන දැනගන්න.
error: Content is protected !!
Verified by MonsterInsights