Home දේශිය පුවත් ‘ ටීචර් අම්මාට යලිත් අපහාස කරන්න එපා..’ ටීචර් අම්මා හෙවත් රටක් ආදරේ...

‘ ටීචර් අම්මාට යලිත් අපහාස කරන්න එපා..’ ටීචර් අම්මා හෙවත් රටක් ආදරේ කරන හයේෂිකා ප්‍රනාන්දු ගැන දැන් ඇසෙන කතාව…!

0
107

 

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාථමික පාසල් දරුවන්ට උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් “ටීචර් අම්මාට” අපහාසාත්මක වන අසත්‍ය කරුණු අන්තර්ජාලය ඔස්සේ පළ කිරීම වළක්වමින් කොන්දේසි සහිත වාරණ ආඥා තුනක් නිකුත් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් අන්තර්ජාල ක්‍රියාකාරීන් තිදෙනෙකුට එරෙහිව අද (14) මෙම නියෝගය නිකුත් කළා.

හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය විසින් 2024 අංක 9 දරණ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වගන්තිය ප්‍රකාරව පැවරූ පැමිණිලි තුනක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත වාරණ නියෝග නිකුත් කරනු ලැබුවා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක රාහුබැද්ද මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලිකාරිය සම්බන්ධයෙන් අසත්‍ය සහ දේවේශ සහගත කරුණු වගඋත්තරකරුවන් විසින් අන්තර්ජාලයේ පළ කරමින් සිටින බවයි.

අදාළ ප්‍රචාර තවදුරටත් උඩුගත කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක් වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත්, නොතීසි නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියා.

පැමිණිලිකාරිය වෙනුවෙන් දර්ශිකා අයෝමි සහ ධනුෂ උඩවත්ත යන නීතිඥ මහත්වරුන් කරුණු ඉදිරිපත් කළා.

චමින්ද රණවීර හෙවත් සම්පත්,සුදත්ත තිලකසිරි, හා රජාංගනයේ සද්ධාරත්න හිමි වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිළි තුනක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥා නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට ලබන 28 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසිද නිකුත් කළා.

Credit By newscenter

Previous articleපියාගේ ටැටූ ආසාව නිසා අවසානයේ නතර වූ තැන… දියණිය වැල්ලෙන් හමුවෙයි…
Next articleරටම හඬවමින් භාතිය අවසන් හුස්ම හෙලයි..! වැරදිකාරයින් තවමත් නිදැල්ලේ… භාතිය ගැන ඇසෙන සංවේදී සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights