මේස් නැතුව සපත්තු දාන්න එපා මාරාන්තිකයි – මේක අනිවාර්යෙන්ම කියවන්න

මේස් නැතුව සපත්තු දාන්න එපා මාරාන්තිකයි – මේක අනිවාර්යෙන්ම කියවන්න

සපත්තු දානකොට අපි මේස් දාන්වා. හැබැයි කවුරු හරි ඇහුවොත් ඒ ඇයි කියලා ඔබ නිරුත්තර වෙන්න පුළුවන්. සපත්තු දෙකකට මේස් කුට්ටමක් පලදින්න අපි හැමෝම පුරුදු වෙලා තියෙනවා.හැබැයි එහෙම මේස් අමතක වෙලා හරි කලබලේට හරි නොදා ඉදලා තියෙනවද? එහෙම නම් මෙම ලිපිය අනිවාර්යෙන්ම කියවලා තියාගන්න. ඔයාගෙ සෞඛ්‍යයට මේක අනිවාර්යෙන් උපකාඅයක් වෙයි.

මේස්‌ නොමැතිව සපත්තු පැලඳීම හේතුවෙන් තරුණයන්ගේ පාදවල දිලීර ආසාදනයන් හට ගැනීමේ තත්ත්වය වැඩි වෙමින් පවතින බව එක්‌සත් රාජධානියේ රෝග විනිශ්චය හා නිවාරණය පිළිබඳ විද්‍යාලය අනාවරණය කර තිබෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

විශේෂයෙන්ම වයස අවුරුදු 18 ත් 25 ත් අතර වයස්‌ කාණ්‌ඩයට අයත් තරුණයන් බහුතරය මෙසේ මේස්‌ නොමැතිව සපත්තු පැලඳීමට පෙලඹීම හේතුවෙන් මෙම තත්ත්වයට ගොදුරුවී ඇතැයි එම විද්‍යාලයේ වෛද්‍ය විශේෂඥ එමා ස්‌ටීවන්සන් පවසා සිටිනවා.

මෙහිදී ඇත්ලීට්‌ස්‌ කියුට්‌ වැනි පාදවල හට ගන්නා දිලීර ආසාදනයන්ට තරුණයන් වැඩි වශයෙන් ගොදුරුවන බවද අනාවරණය වී ඇති අතර දිනකට පුද්ගලයකුගේ පාදයකින් දහඩිය පයින්ට්‌ භාගයක්‌ නිකුත් කිරීම නිසා එම දහඩිය බිංදු උෂ්ණත්වය සමග එක්‌ව මේස්‌ රහිතව සපත්තු පලඳින විට පාදවල දිලීර ආසාධනයන් ඇති කරන බව හෙළිවී තිබෙනවා. තවද මේ ආකාරයෙන් දිනපතා මේස් නැතිව සපත්තු පාවිච්චි කිරීමේදී කල් යන විට පාද වල දැඩි දුගඳක් ද වහනය වනවා.

සෞඛ්‍යය කියලා කියන්නෙ මහපරිමාණයෙන් සිතිය යුතු දෙයක් නෙවෙයි. පුංචි අත් වැරදීමක් ඔබේ සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. මේ වගේ අලුත් සෞඛ්‍යය තොරතුරු දැනගන්න අපේ පේජ් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා..!!

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

Uncategorized