Home Uncategorized ඔයත් රෑට දත් මදින්නේ නැද්ද ? රෑට දත් මදින්නේ නැත්නම් ජීවන ගමන...

ඔයත් රෑට දත් මදින්නේ නැද්ද ? රෑට දත් මදින්නේ නැත්නම් ජීවන ගමන කෙටි වෙනවා වගේම මේ දරුණු ලෙඩ රෝගත් ඔයාට හැදෙනවා කියලා මීට කලින් දැන සිටියාද ?

0
72

ඔබට වැදගත් වේව්💐
රාත්‍රියේ දත් මැදීම අතපසු කිරීම ඔබ සිතන තරම් සුළුපටු කරුණක් නොවන අතර එය ඉතාමත් ආපදාකාරී විය හැකි බවට නුතන පරීක්ෂක කණ්ඩායමක් මගින් සොයා ගෙන ඇත.
රෝහල්ගත වූ වැඩිහිටි පුද්ගලයන් 1,500කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමෙන්, දත් මැදීම නොකර නිදා ගැනීම තුලින් හෘද රෝග සහ කලින් මරණ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බව ඔවුන් මෙහිදී අනාවරණය කරගෙන ඇත.
ගවේෂකයන් පෙන්වාදෙන අන්දමට , උදේ පමණක් දත් මැදීම සිදුකරන පුද්ගලයින් වෙත ඉහත දක්වන ලද රෝහ සඳහා වන ආරක්ෂාව අඩු බවයි.
රාත්‍රියේ දත් මැදූ පුද්ගලයන්ට, නොමැදූවන්ට සාපේක්ෂව, හෘද රෝග අවදානම සම්පුර්ණයෙන්ම 45% පමණ අඩු වූ බවට සාක්ෂි ලැබී ඇත.
රාත්‍රියේ පමණක් දත් මැදූ කණ්ඩායම, අවම මරණ සහ රෝග අවදානම සහිත හොඳම සෞඛ්‍ය ප්‍රතිඵල ලබා ගත් බව පෙන්වා ඇත (Hazard Ratio 0.55 සිට 0.59 දක්වා).
🦠 එය මෙතරම් වැදගත් වන්නේ ඇයි?
දත් මැදීම නොකර නිදාගන්නා විට, මූඛයේ බැක්ටීරියා වැඩිවී, ලේ නාලිකාවට ඇතුල්වී ආන්තරීක ආසාදන ආරම්භ කරයි.
මෙම දිගුකාලීන ආසාදනය රුධිර නාලිකා හානි කරමින්, හෘද ආඝාත, මොළයේ ආඝාත සහ අනෙකුත් මාරාන්තික රෝග සඳහා ඇති අවදානම වැඩි කරයි.
🚬 ඉන්පසු, දත් මැදීම අත්හැරීම දුම්පානය සමග එකතු වූ විට, අවදානම තවත් ඉහල යයි.
👩‍⚕️ විශේෂඥයන් පවසන්නේ රාත්‍රියේ දත් මැදීම ඔබේ ජීවිතය දිගු කළ හැකි ශක්තිමත් ආරක්ෂණ ක්‍රියාවක් බවයි.
ඉතින්, මතක තබා ගන්න , ඔබේ දත් මැදීමේ ක්‍රියාවලිය , ඔබේ හදවතේ හොඳම ආරක්ෂකයා වෙන්න පුළුවන් ❤️.
✍️සටහන Smart Knowledge ලිපියකී
උපුටාගැනිමකී ස්තුතියි මුල් හිමිකාරිත්වයට💕

Previous article“ඔයාට වරදිනවා වගේ පෙනුනට මේ වරදිනවාත් නෙවේ.. ඉවසන් ඉන්න…” ඇය කියූ හිතට දැනෙන ඒ කතාව මෙන්න…
Next articleහඳ අපෙන් ඈත් වෙන්නයි යන්නේ..? පෘථිවියේ මහා විනා.ශයට අතවනන සඳ නවත්වන්නට බැරි බිහිසුණු ගමන ඇරඹිලා..! ඒ ඇසෙන බියකරු කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights