Home සුව අරණ පිළිකාවෙන් වැළකෙන්න රතුළුෑනු බික් කීපයක් දිනපතා අමුවෙන් ආහාරයට ගන්න

පිළිකාවෙන් වැළකෙන්න රතුළුෑනු බික් කීපයක් දිනපතා අමුවෙන් ආහාරයට ගන්න

0
9

සුදුළුෑනු හා රතුළුෑනු බික් කීපය බැගින් දිනපතා අමුවෙන් ආහාරයට ගැනීමෙන් බොහෝ පිළිකාවලින් වැළකිය හැකි බව ඉතාලියේ හා ස්විස්ටර්ලන්තයේ කෙරුණු සමීක්ෂණ, මාලාවකදී අනාවරණය වී තිබෙනවා . මේ සඳහා වැඩිහිටි පිරිසක් යොදා ගැනුණු අතර අමු සුදුළුෑනු හා රතුළුෑනු පරිභෝජනය කළ පිරිස, ඔවුන්ට වැළඳිය හැකිව තිබූ පිළිකාවලින් වැළකුණු බව සොයා ගැනුණා. සුදුළුෑනුවල හා රතුළුෑනුවල ඇති සල්පර් හා සුවිශේෂි ප්‍රති ඔක්සිකාරක ගුණවල පිළිකා සෛල මරා දැමීමේ ශක්තිය ඇති බව ඊට එක්වු වෛද්‍ය කාලෝට ගැලියෝනි පවසනවා.

සතියකට රතුළුෑනු ගෙඩි අටකට වඩා අමුවෙන් ගත් පිරිසගේ මහබඩවැල් පිළිකා වැළකී තිබුණා. ළුෑනු දෙවර්ගයම එකට ගැනීමෙන් මුඛ උගුර වකුගඩු හා ඩිම්බකෝෂ සම්බන්ධ පිළිකාවළින් වැළකීමේ අවස්‍ථාව ඇති බව වෛද්‍යවරයා පළකරනවා.

එහිදී සමීක්ෂණ අටක් පැවැති අතර එකකින් හෙළිවූයේ
තක්කාලි අමුවෙන් ආහාරයට ගැන්මෙන් පිළිකා සෛල විනාශවන බවයි. පිසගත් තක්කාලිවල ගුණයක් නැති අතර එසේ පිසීමෙන් ඇසිඩ් වර්ගයක් එහි ඇතිවන බවද පළ කෙරුණා. රතුළුෑනු යහමින් හා සුදුළුෑනු අල්ප වශයෙන් අමුවෙන් ආහාරයට ගැනීමට පෙරදිග වාසීන් අතීතයේ සිට හුරුවී සිටියත් යුරෝපීයයන් ඊට නැඹුරුවූයේ මෙවන් සමීක්ෂණවලින් පසුවයි. පෙර අපේ ගම්වල කෑම පිඟානට නොවරදවා පලා මැල්ලුමක් අඩංගු වූ අතර, අමු සලාදයක් නැතිවිට පොතුහැර සෝදාගත් රතුළුෑනු බික් කීපයකුත් පිඟාන අයිනේ තබා ගැනුණා. ඇතැම්විට සුදුළුෑනු බිකකුත් ඊට එක්වුණා. මේ පරණ පුරුදු අදටත් වටිනවා නේද?

ළුෑනුවලින් අත් බෙහෙත් රැසක් පහතින්..

පිළිස්සුමට
සම පිළිස්සුණු විට ළුෑනු, ගෙඩියක් දෙකට කපා ආලේප කිරීමෙන් දැවීල්ල වේදනාව සංසිඳෙනවා.

මීමැසි බමර විසට
සමට ඇමිණී ඇති දළය ඉවත් කර වඩා තද නොවන සේ ලූළුෑ කෑල්ලක් ඇතිල්ලීමෙන් විෂ පහවීයනවා

පත්තෑවිෂට
කැපූ ළුෑනු කෑල්ලක් ඇතිල්ලීමෙන් ඉදිමුම් වළකිනවා

දත් කැක්කුමට
රතුළුෑනු ගෙඩියක් සපා දත මුල තබා ගැන්මෙන් වේද නාව අඩුවෙනවා.

උණ ගැනුණු විට
ළුෑණු පෙති දෙකක් පා මේස් තුල දමාගෙන රාත්‍රි නින්දට යාමෙන් ,සහන අත්වෙනවා.

නිවසේ විෂබීජ විනාශයට
ගෙයි තැනින් තැන කැපූ ළුෑනු තබා තැබීමෙන් විෂබීජ විනාශව සෙම් ප්‍රතිශ්‍යාව වැනි බෝවන රෝගවලින් වැළකෙනවා.

Previous articleගෑස්ට්‍රයිටීස් තියෙන ඔබට සුපිරිම ඔසුවක්… මේ දේ කරලා බලන්න… ප්‍රතිඵල ඔබව පුදුම කරවයි
Next articleදින 5 න් දණහිස් වේදනාව නැත්තටම නැති කරන නිවසේදීම සාදාගතහැකි ස්වභාවික පානයක්
error: Content is protected !!
Verified by MonsterInsights