Home දේශිය පුවත් මම ඒක කොහොම හරි දරා ගත්තත් අනිත් පාර්ශ්වය එය දරා ගැනීම කොහොම...

මම ඒක කොහොම හරි දරා ගත්තත් අනිත් පාර්ශ්වය එය දරා ගැනීම කොහොම වෙයිද කියන එක දන්නේ නැහැනේ…” ජනිත්ගේ ආදරයට මොකද මේ වුණේ..?

0
33

 

ඔහු ගැන බොහෝ දෙනෙක් කතා වෙන්නේ ඔහු කලා පවුලක තවත් එක් පුරුකක් නිසාම නෙවෙයි, තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන රංගනයේ දිගු ගමනක් යන්න ඔහුට පුළුවන් වුණ නිසා කිව්වොත් හරි..

ජනිත් වික්‍රමගේ.. කවුරුත් ආදරය කරන මේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියා ගැන එක් සිනමාපටයක් නිසා මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙනවා..

ඒ අතරම, ජනිත් ඒ ගැන එක්තරා පුවත්පතකට කියලා තියන කතා අස්සේ ඔහුගේ ජීවිතයේ සැබෑ ආදර කතාව ගැනත් මෙන්න මේ වගේ දෙයක් තමයි කියලා තිබුණේ..

“ආදර සම්බන්ධතා තිබ්බා. අවසානයේ තිබ්බ ආදර කතාව අවුරුදු හතක් විතර තිබ්බා. දෙදෙනා අතර තියෙන තේරුම් ගැනීම් එක්ක තමයි හැමදේම ඉදිරියට යන්නේ. මම පෞද්ගලිකව විශ්වාස කරන දේ මගේ පෞද්ගලික ජිවිතේ සම්බන්ධතා යම් සීමාවකට එනකම් මම ඒ දේවල් ගැන කියන්න කැමති නැහැ. ඒකට ඒ හේතුව මගෙත් එක්ක ආදර කතාවක් තිබිලා මඟදී නතර වුණොත්, අද වෙද්දී සමාජ මාධ්‍ය තුළින් ඇතිවන බලපෑම විවිධ නිසා මම ඒක කොහොම හරි දරා ගත්තත් අනිත් පාර්ශ්වය එය දරා ගැනීම කොහොම වෙයිද කියන එක දන්නේ නැහැනේ. ඒ වගේම සමහරවිට ඒ කෙනාව දිගටම බ්ලැක් මාර්ක් වෙන්න පුළුවන් මෙයා අරයාගේ හිටිය කෙල්ල නේද කියලා. ඒ දේවල් ඒ අයගේ අනාගත ජිවිතවලටත් බලපාන්න පුළුවන් කාරණා නිසා මම සාමාන්‍යයෙන් දෙයක් ස්ථිර වෙනකම් නොකියන අවස්ථා තියෙනවා. ඒ හැර බඳින්නේම නැහැ කියලා තීරණයක් හෝ බඳින්න බැරි වුණොත් අප්සට් වගේ තැනක මම නැහැ. ජිවිතේ හැමදේම සාපේක්ෂයි. මිනිස්සු බැඳලාත් ඉන්නවා නොබැඳත් ඉන්නවා. සමාජයට ඕනේ විදියට ආදරේ සහ විවාහය කියන එක තීරණය කරන්න ගියොත් අපිම තමයි අමාරුවේ වැටෙන්නේ.”

Previous articleඔබේ ශරීරය අවලස්සන කරන ‘ සොරයිසීස් ‘ ගැන හරියටම දැනගන්න
Next articleමිනිස්සු මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයා ඇත්තටම ඒ වගේ නපුරුද කියන එක..” නිත්‍යා දේවින්දි එකම චරිතයකට සීමා වෙලාද..? සුරූපී ඇය ඒ ගැන කියූ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights