චිතුපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වී තිබෙනවා.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ජනප්‍රිය නළු මොහන්ලාල් මහතා ඇතුළු පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද එක්වුණා.
සංචාරය අතරතුරදී ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහත්ම මහත්මීන් හමුවී සුහද පිළිසඳරකටද සහභාගී විය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.
 
 
 
 