Home දේශිය පුවත් ලොවක් ආදරේ කරන සුපිරි තරුවත් අපේ පාර්ලිමේන්තුවට ගිහින්..!

ලොවක් ආදරේ කරන සුපිරි තරුවත් අපේ පාර්ලිමේන්තුවට ගිහින්..!

0
30

චිතුපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වී තිබෙනවා.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ජනප්‍රිය නළු මොහන්ලාල් මහතා ඇතුළු පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද එක්වුණා.

සංචාරය අතරතුරදී ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහත්ම මහත්මීන් හමුවී සුහද පිළිසඳරකටද සහභාගී විය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

Previous articleරෝගියෙකු බලන්න නුදුන්නැයි මළපැනලා… රංගන ශිල්පියා රෝහලේ ඩෙඟා නටලා.. මේ කියන්නේ කවුරු ගැනද ?
Next articleඒ නම් හෘදයාංගම පැතුමක්.. කවුරුත් ආදරය කරන මැණික් ඔවුන් දෙදෙනා වෙනුවෙන් එක්කළ ඒ සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights