Home සයුරෙන් එහා පුවත් ඩුබායි කිරුළ හිමි කුමාරු අවන්හලට ඇවිත් කරපු දේ දැකලා හැමෝම පුදුම වෙයි..

ඩුබායි කිරුළ හිමි කුමාරු අවන්හලට ඇවිත් කරපු දේ දැකලා හැමෝම පුදුම වෙයි..

0
62

ඩුබායි කිරුල හිමි කුමරු ඒ කියන්නෙ මීලගට මෙයා තමා රජවෙන්නේ..

නමින් කීවොත් ශේක් හම්දාන් කුමරු..
නැත්තන් අපි හැමෝම දන්න ෆසා 😁
මේ ලගදි දවසක ඩුබායි වටේ පොඩි රවුමක් දාන ගමන් රෙස්ටූරන්ට් එකකට ගොඩ වෙනවා.

එතන හිටිය හැමෝටම පුදුමයි මොකද මේ කෝපි එකක් බොන්න ඇවිල්ලා ඉන්නේ මුලු ලෝකෙම දන්න රාජ්‍ය නායකයෙක්.

ඉතින් රෙස්ටූරන්ට් එකේ හිටපු හැමෝම මෙයාගෙන් සමරු සටහන් ගන්නවා ෆොටෝ ගන්නවා ඒ කිසිම දේකට මෙයා නෑ බෑ නොකියා මූන දෙනවා. ඔන්න ඉතින් ශේක් හම්දාන් කොෆි එක බීලා..බිල් එකත් ගෙවලා යන්න ගියා. පස්සේ තමා එතන හිටපු අයට පුදුම හිතෙන දෙයක් උනේ.

ඔන්න දැන් අනික් අයත් එක්කෙනා දෙන්නා බිල් ගෙවන්න කවුන්ටරේට යනවා.එතකොටම කැශියර් කියනවා. ඔයාලා ඔක්කෝගෙම බිල් ටික ශේක් හම්දාන් කුමරු ගෙවලා ගියේ කියලා.

ඒ කියන්නේ එදා ඒ වෙලාවේ රෙස්ටූරන්ට් එකේ හිටපු හැමෝගෙම බිල් මෙයා ගෙවලා තමා ගිහින් තියෙන්නෙ 🥰

මේ සිද්දිය මේ ලගදි දවසක ඩුබායි මෝල් එකේදි තමා වෙලා තියෙන්නෙ.සමරහවිට ඔය රෙස්ටූරන්ට් එකේ හිටපු 90% විතර මේ රටේ පුරවැසියෝ නෙමෙයි වෙන්න පුලුවන් .මුන් අපේ රටේ නෙමෙයි කියලා හිතන්නෙ නැතුව ඒ හිටපු හැමෝගෙම බිල් ගෙවලා යන්න තරම් කොච්චර නිහතමානී නායකයොද මේ…

Thankyou sheikh Hamdan 🙏❣️🇦🇪

– copied –

Previous articleරටක්ම ආදරේ කරන ගායන ශිල්පී ඉශාක් බෙග් වෙනුවෙන් ජනාධිපති අනුර ගත් උතුම් තීරණය මෙන්න
Next article‘ කෛලාෂ් පුතා ලැබෙන්ට ඉද්දි පුතාගෙ අම්මා කල් තියාම කීවා පුතාට ඒසී කාමරයක් තියෙන්ටෝනි, ඒකෙ තොටිල්ල තියමුය කියලා…’ පුංචි පුතු පැටියා ගැන අප්පච්චි කී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights