Home දේශිය පුවත් “මුල අමතක නොකරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ ” රට ගිය බෑණා ලංකාවට ඇවිත්...

“මුල අමතක නොකරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ ” රට ගිය බෑණා ලංකාවට ඇවිත් මාමාට දුන්න තෑග්ග. ඇස්වලට කඳුළු උනන කතාවක්…

0
200
සමාජ මාධ්‍යවලත් ඉඳහිට හදවතට දෙනෙන ඉතාමත් සංවේදී පුවත් අපිට දැකගන්න ලැබෙනවා. ඔන්න ඒ වගේ මුළු රටේම අවධානය දිනාගත්තු, ඇස්වලට කඳුළු උනන කතාවක් අපිට වාර්තා වුණා.

තමන්ගේ උපාධිය (Degree) සම්පූර්ණ කරගෙන විදේශගත වෙන්න හීන දැකපු තරුණයෙකුට, ඒ හීනය සැබෑ කරගන්න මුදල් ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වෙලාවේ දෙපාරක් හිතන්නේ නැතුව තමන්ගේ ජීවනෝපාය වුණු ත්‍රිරෝද රථය පවා විකුණලා මේ තරුණයාව රට යවන්න උදව් කරලා තියෙන්නේ ඔහුගේ ආදරණීය මාමා කෙනෙක්.

 
තමන් වෙනුවෙන් මාමා කරපු ඒ ලොකු කැපකිරීම මේ තරුණයා මොහොතකටවත් අමතක කරලා නැහැ. තමන්ගේ අධ්‍යාපන කටයුතු නිම කරලා යහපත් තත්ත්වයකට පත්වුණු ඔහු, නැවත ලංකාවට පැමිණි පසු තමන්ගේ මාමාට අමතක නොවන තෑග්ගක් දීලා තිබුණා.

ඒ, එදා තමන් වෙනුවෙන් විකුණපු පරණ වීල් එක වෙනුවට තෑගි පීත්ත පටි දමපු අලුත්ම අලුත් ත්‍රිරෝද රථයක් ගෙනවිත් දෙනවා..” මුල මතක මිනිස්සුන්ට හැමදාමත් වරදින්නේ නැහැ” කියන දේට මේ කතාව හොඳම උදාහරණයක් බවයි බොහෝ දෙනා පවසන්නේ.
Previous articleතරග පරාජයෙන් පසු දසුන් ශානකගෙන් ප්‍රේක්ෂකයන්ට AI සටහනක්..
Next articleමනුස්සකම දවස ගානේ මැරීගෙන යන ලෝකේක අලුත් පරම්පරාවෙන් මෙහෙම දේවල් දැක්කම ඒක මාරයි..” ජීවිතයේ කඩයිම් විභාගයක උණුසුම මැද මනුස්සකමට මුල්තැන දුන් සාපෙළ සිසුවා..
error: Content is protected !!
Verified by MonsterInsights