Home Uncategorized කැස්ස, දියවැඩියාව හොද කරන සුපිරි බෙහෙත බිලිං ගැන ඔබ නොදත් දේ දැනගන්න

කැස්ස, දියවැඩියාව හොද කරන සුපිරි බෙහෙත බිලිං ගැන ඔබ නොදත් දේ දැනගන්න

0
107

 

සමහරු නම් මේ පළතුර ගැන අහලත් ඇති.. තවත් පිරිසක් රස කර කර ආසාවෙන් කනවා ඇති..

ඒත් මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අතර සුලබව භාවිත වෙන්නේ නැති, විරලව හැදෙන පළතුරක් වන බිලිං ගැන කතාවක්..
බිලිං කියන්නේ ලෝකයේ තියෙන පළතුරු වර්ගවලින් නිතරම වගේ අහන්න ලැබෙනරසවත් පළතුරු වර්ගයක් වුණත් බොහෝ දෙනා ඉතා අඩුවෙන් භාවිත කරන පළතුරක්.. බිලිං තරමක් කාමරංගාවලට සමාන කමක් දැක්වුවත් බිලිංවල කාමරංගාවලට සමාන නොවන තද ඇඹුල් රසක් අන්තර්ගත වෙනවා.. ඒවගේම, ලොවපුරා විවිධ ඉයුම් පිහුම් කටයුතු සදහා බිලිං භාවිතා කරනවා.. බිලිං කියන්නේ උෂ්ණාධික දෙයක්විදියට තමයි සැලකෙන්නේ.. විටමින් B සහ C යකඩ, පොස්පරස් සහ විශාල ප්‍රතිඔක්සිකාරක බලයකින් සපිරි මේ පළතුරේ නිජභූමිය වෙන්නේ පිලිපීනයයි.. මේ බිලිං කියන පළතුර ලොවපුරා වගා කරන අනෙත් පළතුරු වර්ග තරම්ම ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැතත් අප නොසිතන තරමේ විශාල පෝෂණ ගුණයක් බිලිං තුල අන්තර්ගත වෙනවා.. බිලිං භාවිතයෙන් අපට ලබාගත හැකිසෞඛ්‍යය වාසිවලින් ඉතාමත් වැදගත් වන සෞඛ්‍යය වාසි කිහිපයක්…

කැස්සට ඖෂධයක් ලෙස
මහදුරු ඇට කිහිපයක් සමග බිලිංගෙඩි තුනක් සහ සීනි එක්කර මිශ්‍රණයක් භාවිතා කරලා ඔබට පුළුවන් ලේසියෙන්ම කැස්ස සුවකරගන්න. මේ මිශ්‍රණය නටන උණු ජලයේ හොදින් තම්බාගෙන පැය කිහිපයක් වාෂ්ප වෙන්න ඉඩ හරින්න. ඊළඟට මේ මිශ්‍රණය හරි අඩ බැගින් භාජන දෙකකට දමාගෙන එක් කොටසක් උදෑසනම හිස්බඩ පානය කරන්න. ඉතිරි කොටස සන්ද්‍යා කාලයේදී පානය කරන්න.

දියවැඩියාව සුව කරන ඖෂධයක් ලෙස
දියවැඩියා රෝගීන්ට බිලිං විශාල ලෙස ප්‍රයෝජනවත් වෙනවා. ඔබත්දි යවැඩියාව රෝගයෙන්පී ඩා විදින අයෙක් නම් බිලිං ගෙඩි 6 ක් ගෙන තලා වතුර වීදුරුවකට එක්කර වතුර පැසෙන කල් රත්කර නිවාගෙන දවසට දෙවරක් පානය කරන්න.

කුරුලෑ වලට සුවය දෙන ඖෂධයක් ලෙස
බිලිං තුල අන්තර්ගත වන ආම්ලික ද්‍රාවන නිසා ඵලදායීව කුරුලෑ සුවකර දීමේ හැකියාව තිබෙනවා. බිලිං ගෙඩියකින් කුඩා කැබැල්ලක් කපාගෙන ආසාදනය ඇති වූ ස්ථානයේ තබා සුවවීමේ ක්‍රියා වලිය සිදු වන තුරු විනාඩි කිහිපයක් සිට එම ස්ථානය පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

උගුරේ ඇති වෙන උල්ලෝගම සදහා ප්‍රතිකාර සිදු කිරීමට
(මෙය දිලීර වර්ග නිසා මුඛයේ සහ උගුරේ ඇති වෙන ආසාදන තත්වයකි. මෙය ඇති වූ විට මුඛය තුල සුදුපැහැති ලප ඇතිවේ.) මේ ප්‍රතිකාර ක්‍රමය තරමක් වේදනාකාරී වුවත් බිලිං තුල අන්තර්ගත වන ආම්ලිකතාවයනිසා මෙය ඵලදායී ප්‍රතිකාර ක්‍රමයක් වනවා. ඔබටත් මේ ආසාදන තත්වය ඇතිවෙලා නම් බිලිං ගෙඩියක් තලා ආසාදනය ඇතිවූ ස්ථාන වල තබන්න.

රූමැටික්
වරින් වර ඇතිවෙන සන්ධි වල වේදනාව සුවකර ගැනීමට බිලිං පත්‍ර මිටක් ගෙන හොදින් අඹරා ජලය මිශ්‍ර කර මිශ්‍රණයක් සකස් කරගෙන ආසාදිත තත්වය ඇති ස්ථානයේ දිනකට දෙතුන් වතාවක් ආලේප කරන්න.

මාංශපේශි තද ගතියට ප්‍රතිකාර සිදු කිරීමට
බිලිං පත්‍ර මිටකට බිලිං ගෙඩියක්, සුදුළුනු බික් දහයක්, ගම්මිරිස් ඇට පහළොවක් සහ විනාකිරි ස්වල්පයක් එකතු කර හොදින් අඹරා මිශ්‍රණයක් සකස් කරගන්න. මේ මෘදු මිශ්‍රණය මාංශ පේශි වල තද ගතිය ඇති ස්ථාන වල ආලේපකරන්න.

දත් කැක්කුමටප්‍රතිකාර ක්‍රමයක් ලෙස
ඔබට දත් කැක්කුමක් ඇති වූ අවස්ථාවක තලා ගත් බිලිං ගෙඩියකින් ස්වල්පයක් වේදනාව ඇති දතේ තබාගන්න. මේ සරල ඖෂධය ෆාමසි වලින් ලබාගන්න තිබෙන වේදනා නාශක වලට වඩා ප්‍රභල ඖෂධයක් වේවි.

Previous article‘ කෛලාෂ් පුතා ලැබෙන්ට ඉද්දි පුතාගෙ අම්මා කල් තියාම කීවා පුතාට ඒසී කාමරයක් තියෙන්ටෝනි, ඒකෙ තොටිල්ල තියමුය කියලා…’ පුංචි පුතු පැටියා ගැන අප්පච්චි කී කතාව
Next articleදුටුවන් වශී කරවන ඒ ලස්සන ඇස් තාරුකාගේ ලස්සන බලන්නකෝ
error: Content is protected !!
Verified by MonsterInsights