දේශිය පුවත්

“නාය යෑමෙන් සොහොන් පිටියේ වළදමා තිබූ මීනි සමඟ පෙට්ටි හතරක් මතුව පාරට පැමිණ තිබෙනවා..” මිනීපෙට්ටි හා මිනී අසලින් මඩ ගොඩේ ගමන් යන ගමක් ගැන ඇසෙන කතාවක් මෙන්න..

මිනීපෙට්ටි හා මිනී අසලින් මඩ ගොඩේ ගමන් යන ගමක් – බලධාරීන් තවමත් නිහඬයි..!

මේ කියන්න යන කතාව ඇත්තටම ඔබට එකවර අදහාගන්නත් බැරි වේවි..

මිනිසුන් මෙහෙම කොහොමද ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ජීවිත මේ තරම් දුශ්කර වුණේ කොහොමද..?

මේ කියන්න යන්නේ තවත් එක් සත්‍ය කතාවක්.

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ අධික වර්ෂාවත් සමඟ ගම්පොළ දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටියද නාය යෑමට ලක්ව එහි වළ දමා තිබූ මිනීපෙට්ටි මාර්ගයට පැමිණ ඇති නමුත්, මේ දක්වා එම මීනී ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කරදීමට බලධාරින් මැදිහත් නොවීම පිළිබඳව ප්‍රදේශවාසින් චෝදනා එල්ල කරනවා.

ඉකුත් 27 වැනිදා සිදුවූ ආපදාව සමග මෙම සොහාන් පිටිය නාය යෑමට ලක්ව ඇති අතර, මාසයකට ආසන්න කාලයක් මෙම ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව බලධාරීන්ට දන්වා ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම නිසා ප්‍රදේශයේ ජනතාව රෝ බියකින් පෙළෙන්නට හේතු වී ඇති අතර මාර්ගය අවහිරවීම නිසා දුනුකේ උල්ල ප්‍රදේශයේ පවුල් දෙදහසක් පමණ එම ගමට කොටුවී ඇති බවද ඔවුහු පවසනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශයේ කාන්තාවක් වන ජයන්ති කුමාරි මෙසේ කීවාය. “මේ නායයෑම සිදු වුණේ ඉකුත් 27 වැනිදා පාන්දරයි. නාය යෑමෙන් සොහොන් පිටියේ වළදමා තිබූ මීනි සමඟ පෙට්ටි හතරක් මතුව පාරට පැමිණ තිබෙනවා. අදට මාසයකට කිට්ටුයි. අපි උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරියට මේ ගැන කිව්වා. නමුත් වැඩක් වුණේ නෑ. කුණු වී මඩ මුසුව ඇති මේ මීනීවලින් භයානක රෝග පැතිරෙන්න පුළුවන්. මේ ගැන බලධාරින් ගේ අවධානය යොමු කරන්න කියලයි අපි ඉල්ලන්නේ ඇය කිවා.

දුනිකේඋල්ල ඉහළගම ප්‍රදේශයේ සිදුව ඇති මෙම නායෙන් එක් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවාස කිහිපයක් අවධානමට ලක්ව තිබෙනවා.

ගම්පොළ දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස්රථ එකොළහක් හා ලංගම බස් රථ තුනක් ධාවනය වන අතර මාර්ග අවහිරතාවය නිසා මාසයක් පුරා මෙම ගමට එම බස්රථ පැමිණීමටද නොහැකි වී තිබෙනවා.

මේ නිසා ජනතාව කැඩී බිඳී ගිය මිනීපෙට්ටි හා මිනී අසලින් මඩ ගොඩේ එම නාය හරහා ගමන් කරන්නේ දැඩි භීතිකින් බව පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Verified by MonsterInsights