Home දේශිය පුවත් එදා ඉඳන් වැදූ අම්මා නොවුනට හැදූ අම්මා වෙන්න පුළුවන් වුණා මට..” ආදරණීය...

එදා ඉඳන් වැදූ අම්මා නොවුනට හැදූ අම්මා වෙන්න පුළුවන් වුණා මට..” ආදරණීය හැඟීමක් ඉදිරියේ සංවේදී වුණු දමිතා..

0
77

අම්මා, එය උතුම් පදවියක්.. ඒ හැඟීම දැනෙන්න ගැහැනියකට සමීප වෙන්න මවක් වෙන්නම ඕනද..?

මේ අන්න ඒ ප්‍රශ්නයට හොඳ පිළිතුරක්..

ඇය ආදරණීය නැන්දා කෙනෙක්. තමන්ගේ කුසෙන් දරුවෙක් නොවැදුවත්, ඒ තරම්ම ඔහු වෙනුවෙන් ජීවිතයෙන් කැපවුණු.

දමිතා අබේරත්න, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඇගේ මුහුණු පොතට මෙන්න මේ වගේ විශේෂ සටහනක් එක්කරලා තිබුණා.

ඒ මීට අවුරුදු 30කට ඉහත ඇගේ දෑතේ නැලවුණු පුංචි පුතා වෙනුවෙන්.. මේ අන්න ඒ ආදරණීය සටහනයි..

“අවුරුදු 30කට කලින් ඔයා ඔයාගෙ අම්මට අම්මා කියන්න කලින් මටයි අම්මා කිව්වේ.. පුතේ.. එදා එරුණු කිරි තද වුනා මගෙ පපුවේ..
පුතේ අද ඔයා ලොකු මිනිහෙක්.. නැන්දිව මිත්තනියකුත් කලා ඔයා..

අද මගෙ අත උඩ අත් දෙකක්.. බරයි ගැඹුරුයි මේ හැඟීම…

එදා ඉඳන් වැදූ අම්මා නොවුනට හැදූ අම්මා වෙන්න පුළුවන් වුණා මට.. ඉතින් පුතේ ජීවිතේ ලොකු වගකීම් ගොඩක් එක්ක අහිමි වීම් ගොඩක් එක්ක හිමිවුණු ආදරයයි සතුටයි රැකගෙන ජීවිතේ දිනන්න..

මේ උපන්දිනේ දවසෙ මම ප්‍රාර්ථනා කරන්නේම ඔයාලගෙ ජීවිත දිනේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දුකින් මිදේවා සතුට ආදරය පිරී ඉතිරේවා..

ජයෙන් ජයම ලැබේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා.. සිනසීම සතුට පමණක්ම ලැබේවා.. ආදරෙයි මේ හැදූ අම්මා උඹට..”

Previous articleඩුබායි යන්න ගොස් කලහ කළ ජනප්‍රිය ගායකයා ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් හරවා එවයි
Next articleඅමතක නොවෙන කිස් එකකට සුපිරිම ටිප්ස් ටිකක් මෙන්න.. කෙල්ලෝ කොල්ලෝ කාටත් වැදගත්..
error: Content is protected !!
Verified by MonsterInsights