ප්‍රසංග වේදිකාවට හුඟක් හුරුපුරුදු කේ. සුජිවා “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයකින් ජනප්‍රිය වුනු ගායිකාවක්.
එහෙම කියමින් කලක් රටම වසඟ කළ ඇය පසුගිය කාලයේ කතා බහට ලක් වුණේ අතුරුගිරියේ වෙඩි තැබීමත් එක්ක.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගියා.
එහිදි ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර කලක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලැබූවා.
කෙසේ වෙතත් ඇය මේ වන විට සුවයෙන් පසුවනවා.
පසුගියදා ඇය වසරකට පසු යළි ප්‍රසංග වේදිකාවට ගොඩ වී තිබුණා.











