Home දේශිය පුවත් රටක් ආදරේ කරන හර්ෂ ධනෝෂ්ට තරුණියකගෙන් චෝදනා.. මේක රූප රචනයක්.. ෆොටෝ අයින්...

රටක් ආදරේ කරන හර්ෂ ධනෝෂ්ට තරුණියකගෙන් චෝදනා.. මේක රූප රචනයක්.. ෆොටෝ අයින් කරන්න කිව්වත් අයින් කරලා නැ…

0
75

ජනප්‍රිය ගායක හර්ෂ ධනෝෂ්, ආයෙමත් පෙමක පැටලිලාවත් ද කියලා පහුගිය දවස්වල කතාබහක් ඇතිවෙලා තිබුණා.

ඒකට හේතුව ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ, ඡායාරූප දෙකක් සහ ඊට යොදා තිබුණු සටහන්.
මේ ඔහුගේ නව ගීතයක් බැව් බොහෝදෙනා අනුමාන කරලත් තිබුණා.
නමුදු අදාළ සටහන් එක්ක තවත් පිරිසක් අනුමාන කරලා තිබුණේ, මේ හර්ෂගේ අලුත් ආදර කතාව වන බව.
මේ ගැන අදාළ ඡායාරූපවල ඉන්න තරුණිය සිය ෆේස්බුක් ගිණුමට කරුණු පැහැදිලි කිරීමක් සහිතව සටහනකුත් එක්කරලා.

ඒ, අදාළ ඡායාරූප ගීත රූප රචනාවක ඒවා වන බවත් ඒවා සිය ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීම ගැන දැනුවත් කළත් එය නොසලකා හැර ඇති බවට.

”මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතින මෙම ඡායාරූප ඇතුළත් වන්නේ මා විසින් රංගනයෙන් දායක වූ ගීතයක රූප රචනයකි. එය පෞද්ගලිකව මාගේ ප්‍රතිරූපයට හානිකර වන ලෙස යොදා ගැනීම සහ එය ඉවත් කිරීමට දිගින් දිගට පැවසුවද නොසලකා හැරීම පිළිබඳ මාගේ කණගාටුව පළ කරමි.”

Previous articleඋපන්දිනය සමරන්න ලංකාවට ආපු ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නිලිය ගැන ඇසෙන කතාව මෙන්න .
Next articleනිරුපිකාවක්, චිත්‍ර ශිල්පිණියක්, මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වී කොළඹ පුරපති අසුනට සැරසෙන කවුද මේ ව්‍රායි කැලී බල්තසාර් ?
error: Content is protected !!
Verified by MonsterInsights