Home තරු ගොසිප් රටක්ම ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පී සනත් ජානකී විවාහය දෙදරා ගිහින්ද ?...

රටක්ම ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පී සනත් ජානකී විවාහය දෙදරා ගිහින්ද ? මෙන්න ඒ ගැන ඇසෙන කතාව..

0
1655

 

සනත් ගුණතිලක සහ ජානකි විජේරත්න අතර විවාහය අවසන් වී ඇති බවට තොරතුරු අනාවරණය වනවා.

කලා ක්ෂේත්‍රයේ ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ සනත් – ජානකී තරු යුවළ, ප්‍රසිද්ධියේ උත්සවවලට හා සම්භාෂණවලට සහභාගි වූ අතර ඔවුන්ගේ සම්බන්ධතාවය ‘ප්‍රසිද්ධ රහසක්’ බවට පත්ව තිබුණා.

අනතුරුව චාම් උත්සවයකින් විවාහ දිවියට එළඹුණු මෙම යුවළ විවාහය ගැන ප්‍රසිද්ධියේ ම තොරතුරු හෙළිකර සිටියා.

කෙසේ වෙතත් මේ වන විට එම විවාහය අවසන්ව ඇති බවටයි වාර්තා වන්නෙ.

ජානකී සහ සනත් ගුණතිලක අවසන් වරට ලකා සිකා අධ්‍යක්ෂණය කළ ‘සුර දෙටුවෝ’ චිත්‍රපටය නරඹන්නට පැමිණ තිබුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ද ජානකී සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.

කෙසේ වෙතත් මෑත කාලීන පළකිරීම් කිසිවක ජානකි සමඟ සනත් පෙනී සිටින ඡායාරූප ද දකින්නට ලැබෙන්නෙ නැහැ.

ජානකී විජේරත්න මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රකට නාමයක් වන අතර, ඇය කලා දිවිය ආරම්භ කරන්නේ රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් ලෙසයි.

පසුව රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ ඇය පූර්ණකාලීන චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන අතර, ජනප්‍රිය චිත්‍රපට සමාගමක් වන ලයිකා නිෂ්පාදන සමාගමේ ශ්‍රී ලංකා උප සභාපති ධුරය ද හොබවනවා.

සනත් ගුණතිලක මෙරට සිනමා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පුරා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුණු සම්මානනීය රංගන ශිල්පියෙක්.

මේ වන විට 69 වන වියෙහි පසුවන ඔහු සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටිනවා.

ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වූයේ ‘රාණි’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී බවයි ඔවුන් හෙළි කර තිබුණේ.

”හැමෝම දන්නවා මගේ ජීවිතේ යම් යම් අවස්ථාවලදී යම් යම් සබඳතා තිබුණා.
අද වෙනකල් කිසිම මොහොතක ඒ සම්බන්ධතාවලදී මාත් එක්ක සම්බන්ධ වුණු පාර්ශ්වයන්ව හෙළා දැකලා කතා කරලා නෑ. අපහාස කරලා නෑ.
නමුත් යම් අවස්ථාවක සත්‍ය පැවසීමේදී ඒ අයට යම් ආකාරයක හිත් වේදනාවක් ඇති වෙන්න ඇති.
මෙතනදී සිද්ද වෙන්නෙ කාලාන්තරයක් තිස්සෙ තිබ්බ සම්බන්ධතාවයක් නෙවෙයි.
අපි රාණි චිත්‍රපටයෙ වැඩකටයුතු කරලා ඒ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා එළිදැක්වීමට යෑමේදී ,චිත්‍රපටයේ ප්‍රවර්ධනයට උදව් කිරීමට ගියාම තමයි අපි දෙන්නා අතරෙ අදහස්වල යම් යම් ගැළපීමක් තියෙනවා කියලා දැනෙන්නෙ.
ඒ දැනීම මත තමයි ඒ හැඟීම ඇති වෙලා ඊට පස්සෙ ඉතාම ඉක්මනින් තීරණයක් ගන්නෙ. මොකද එහෙම නොවුණා නම් විශේෂයෙන්ම එය ආශ්‍රයක් විදියට පවත්වාගෙන ගියා නම් ඒක සමහර වෙලාවල්වලදී යම් ආකාරයකින් ජානකීගේ පර්ශ්වයට අගතියක් වෙන්න තිබුණා. කටකතාවක් වගේ වෙන්න තිබුණා.

අදටත් අවලාද කියනවා… එහෙම කියන්නෙ අපිට වඩා ගව් ගාණක් පිටිපස්සෙ ඉන්න අය මිස, අපිට සම කරන්න පුළුවන් අය නෙවෙයි.
මට ඇය ගැන දැනුණු දේ, ඇයට මා ගැන දැනුණු දේ සමීප සබඳතාවක් ඇති වෙලා ඒක විවාහයකින් කෙළවර වෙන්න තරම් සුදුසුයි කියලා දෙන්නම තීරණය කළා.

ඒ නිසා අපි නිශ්ශබ්දව දැන් මාස හය හතකට ඉස්සරලා විවාහ වෙනවා.. අපට සුබපැතුම් රාශියක් එනවා.
යම් ආකාරයක විශ්මයකුත් ඇති මේ වගේ තීරණයක් මේ මනුස්සයා ගත්තෙ ඇයි කියන එක ගැන. එක්තරා විදියකට ඉතින් මට මගේ රජකාරීවලටත් ඉතාම විශාල රුකුලක් ඇයගෙන් ලැබෙනවා. ඒකත් මට විශාල ආශිර්වාදයක්. ඒ නිසා මම හිතනවා මට යම්කිසි ගමනක් ‍යන්න පුළුවන් වෙයි කියලා.
අපි දෙන්නට අපි දෙන්නා හරි නම් ඒ ඇති…”

Source – ChannelE

Previous articleතවත් දින කිහිපයකින් උදාවන අලුත් අවුරුද්ද ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට පලාපල මෙන්න..
Next articleසියල්ලන් හඬවමින් ලොවක් සැනසූ හඬ ජනප්‍රිය ගායන ශිල්පිණි ආශා බෝස්ලේ හඬ නිහඬ වෙයි
error: Content is protected !!
Verified by MonsterInsights