කාලෙන් කාලෙට එක එක විදියේ රයිස් ජාති ජනප්‍රිය වෙනවා…
ඉතින් කාලයක් පුරාවට ලෝකේ හුගක් ජනප්‍රිය වෙච්ච මක්ලූබා රයිස් එක ගැනයි අද කියලා දෙන්න හදන්නේ…
මේක නම් ගොඩක් රස රයිස් එකක් යාළුවනේ … අපි බලමුද හදන්නේ කොහොමද කියලා…
අවශ්‍ය ද්‍රව්‍ය :
ගැඹුරු තෙලේ බැදගත් කැරට් ගෙඩි 02
ගැඹුරු තෙලේ බැදගත් වම්බටු ගෙඩි 02
ගැඹුරු තෙලේ බැදගත් අලගෙඩි 02
ගැඹුරු තෙලේ බැදගත් මල් ගෝවා 01 cup
රටලූනු ගෙඩි 02
කුකුල් මස් 500g
බාස්මති හාල් 02 cups
බේ කොළ 02
කුරුදු 1 inch
ඉගුරු සහ සුදුලූනු 02 tea spoon
ගම්මිරිස් 01 tea spoon
මිරිස් කුඩු 02table spoon
තුනපහ 01 tea spoon
කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි ½ tea spoon
ලුනු 02 tea spoon
තෙල්
වතුර 04 cups
සාදන ආකාරය :
පියවර 01 :
මුලින්ම අවශ්‍ය කරන සියලුම දේ ලෑස්ති කර පසෙකින් තබන්න.
හාල් හොදින් සෝදා එයට තුනපහ කුඩු සහ කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි, දියලුණු ස්වල්පයක් දමා කලවම් කර පසෙකින් තබා ගන්න
පියවර 02 :
භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දාන්න.
රත් වූ තෙලට තලාගත් ඉගුරු සුදුලූනු, කපා ගත් ලූනු , කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි ,ගම්මිරිස්,ලුනු, මිරිස් කුඩු,කහ තුනපහ දමා තෙලෙන්ම බැදෙන්න දෙන්න. කර කර ගන්න එපා.
පියවර 03 :
තුනපහවල පාට වෙනස් වී හොද සුවදක් එනවිට කුකුල් මස් ටික දමා හොදින් කලවම් කරන්න.මිනිත්තු 3ක් පමණ තබා එය තරමක් බැදුන විට වතුර කෝප්ප 2 ක් එකතු කර තැම්බෙන්නට හරින්න. (එහි ඇති හොදි ගතිය තියෙද්දීම ලිපෙන් බා ගත යුතුය)
පියවර 04 :
මස් කරිය ලිපෙන් බාගෙන එහි ඇති හොදි වෙනත් බජනයකට පෙරා පසෙකින් තබා ගන්න.
ඉන්පසුව ඉතුරු මස් කැබලි ටික මතට බැදගත් අල ,කැරට්,වම්බටු ,මල් ගෝවා,අතුරා ගන්න.
පියවර 05 :
අවසානයට තුනපහ දමා පසෙකින් තබාගත් හාල් ටික මස් සහ එළවලු මිශ්රදණයට දමා එයට උඩින් ඉතිරි හොදි ටික සහ වතුර කෝප්ප 2 දමා පිසගන්න
පියවර 06 :
මෙම බත ප්ලේන් යෝගට් සමග ආහාරයට ගැනීමෙන් වැඩි රසයක් ලබා ගත හැක.
උපුටාගැනීමකි.









