විෂ නාශක ශක්තිය හා ඕනෑම දැවිල්ලක්, තදබල උෂ්ණයක් මැඩපවත්වා ගැනීමේ ශක්තිය කෙසෙල් ගස සතුව පවතී.
🌱කැවුම් බැදීමෙන් අනතුරුව ලිපෙන් බාගත් උතුරන තෙල් හැළියට කෙසෙල් කොළ කෑල්ලක් දමයි. මෙයින් බලාපොරොත්තු වන්නේ පැසුණු තෙල් භාජනය ඉක්මනින් සිසිල් කිරීමයි.
🌱කෙසෙල් කොළයට තෙල් භාජනයේ ඇති තදබල රස්නය ඉක්මනින් උරා ගනී. ඒ නිසා රත් වූ තෙල් ඉක්මනින් සිසිල් වේ. මෙම ගුණය නිසා කෙසෙල් ගසේ යුෂ පිලිස්සීමට ප්‍රතිකාර සදහා යොදා ගනී.
ප්‍රතිකාර •••••••••••
🌱පිළිස්සුන අවස්ථාවකදී භාජනයකට පොල්තෙල් ගෙන එම කොටස පොල්තෙල්වලින් තෙමන්න.
🌱 ඉන්පසු කෙසෙල් ගසේ පතුරු ගලවා දිය මුසු නොකොට මිරිකාගත් ඉස්මට විටට කන හුනු තේ හැදි 01 ක් මිශ්‍ර කර ඇග ගල්වන්න. දිය පට්ට ඒම වළකී.
🌱කෙසෙල් කදේ කුරුට්ට පිහියකින් සූරා තෙත ගතිය පිටින් සුළු කැපුම් තුවාලයේ තබා බදින්න. ලේ නවතී.
🌱යටි පතුලට යමක් වැදී රිදෙනා විට, තැල්ම නිසා හටගත් කල්ගිය රිදීමට….. ඇඹුල් කෙසෙල් ගසේ අත්තක් කපා කොළය සූරා ඉවත් කර ගින්නට දමා හොදින් කෙසෙල් පිත්ත තවා මද රස්නය පිටින්ම සමතලා තැනක තබා රිදීම ඇති පාදයේ යටිපතුලෙන් කෙසෙල් පිත්ත ක්‍රමයෙන් අඩිය තබා තළාගෙන යන්න. මෙය උදය සවස තුන් දිනක් සිදුකරන්න සුව වේ…
උපුටා ගැනීමකි..🙏









