Home සයුරෙන් එහා පුවත් දයානුකම්පිත හදවතක් හිමි ඔහු දිවිගමනට සමුදෙයි..

දයානුකම්පිත හදවතක් හිමි ඔහු දිවිගමනට සමුදෙයි..

0
37

 

ඔහුගේ ඒ දයානුකම්පිත අධිකරණ තීන්දු ගැන අදටත්, හෙටටත් බොහෝ දෙනා කතා කරාවි..

ඒ හේතුවෙන් අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රිය වූ ඇමරිකානු විනිසුරුවරයෙකු වන ෆ්‍රෑන්ක් කැප්‍රියෝ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 88ක්..

ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද නිවේදනයේ සඳහන් වූයේ මෙවැනි අදහසක්..

රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රොවිඩන්ස් නගරයේ හිටපු විනිසුරු කැප්‍රියෝ, අග්න්‍යාශයේ පිළිකාවක් (pancreatic cancer) සමඟ දීර්ඝ කාලයක් සටන් කිරීමෙන් පසු සාමකාමීව මිය ගියේය..

“විනිසුරු කැප්‍රියෝ සිය දයානුකම්පාව, නිහතමානීකම සහ මිනිසුන්ගේ යහපත් ගුණාංග කෙරෙහි වූ නොසැලෙන විශ්වාසය වෙනුවෙන් බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්තා.. ඔහුගේ උණුසුම, සහ කරුණාව ඔහු දැන සිටි සියලු දෙනාගේ සිත් තුළ නොමැකෙන සලකුණක් තැබුවා” යැයි එම නිවේදනය තවදුරටත් සඳහන් කළා..

“Caught in Providence” නම් රූපවාහිනී වැඩසටහන හරහා ෆ්‍රෑන්ක් කැප්‍රියෝ ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා..

මෙම වැඩසටහනේදී, ඔහු අධිකරණයට පැමිණෙන පුද්ගලයන්ට දක්වන ලද මානුෂීය සහ දයානුකම්පිත ප්‍රවේශය හේතුවෙන්, බොහෝ දෙනෙකුගේ හදවත් දිනා ගැනීමට ඔහු සමත් වූ අතර ඔහුගේ අධිකරණ තීන්දු සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන ගණනක පිරිසකගේ අවධානයට බඳුන් වුණා..

Previous articleඔයාගේ Husband විවාහයෙ කිසිම දෙයක් ගැන වගකීමක් ගන්නේ නැද්ද ? ඒ ඇයි කියලා දැනගන්න කැමතිද ? අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න. ඔයාටත් වැදගත් වේවී…
Next articleවෙනස් වුන පියුමි, ශකීරා වගේමයිලු., පියුමිත් ගායන ක්ෂේත්‍රයේ වෙනසක් කරයිද..?
error: Content is protected !!
Verified by MonsterInsights