ඔහුට අත්වුනේ හද කම්පා කරන ඉරණමක්… ගමක්ම හඬවමින් තවත් හැඩිදැඩි තරුණ ජීවිතයක් අකාලයේ මිලින වෙයි

ඔහුට අත්වුනේ හද කම්පා කරන ඉරණමක්… ගමක්ම හඬවමින් තවත් හැඩිදැඩි තරුණ ජීවිතයක් අකාලයේ මිලින වෙයි

 

 

මේ කියන්න යන්නේ තවත් අබිරහසක් ඉතිරි කළ එක් මරණයක් ගැනද..?

කොහොම වුණත් දැන් මේ සිද්ධිය නිසා තරුණයෙකුගේ ජීවිතයක් අකාලයේ මිලින වෙලා ගිහින්..

බදුල්ල මහියංගණ ප්‍රධාන මර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ඊයේ අලුයම 2.15ට පමණ කරමැටිය බලගොල්ල 28 වැනි කිලෝමීටර් කණුවට නොදුරු ස්ථානයක දී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

ඒ සුනකයකුගේ ඇඟේ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදිකරු මීගහකිවුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසනවා..

මෙසේ මරණයට පත්ව ඇත්තේ බේකරි නිවස, කරමැටිය බදුලුඔය කන්දකැටිය යන ලිපිනයේ පදිංචි කෝරළගේ මිලින්ද මදුමාල් නමැති 26 හැවිරිදි තරුණයෙක්..

මීගහකිවුල ප්‍රදේශයේ සිට කරමැටිය ප්‍රදේශයේ තම නිවසට පැමිණෙමින් සිටියදී මොහු අනතුරට මුහුණපා ඇති අතර, අනතුරින් තුවාල ලැබූ තරුණයා මීගහකිවුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා..

අනතුර සිදුවූ ස්ථානයේ සුනඛයා ද මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසනවා.. අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා..

 

Local Gossip