Home සයුරෙන් එහා පුවත් යුදේ ධයක් මැද හොයාගත් යාළුවා හොයාගෙන කිලෝ මීටර් 120ක කාන්තාරයක් පහු කරගෙන...

යුදේ ධයක් මැද හොයාගත් යාළුවා හොයාගෙන කිලෝ මීටර් 120ක කාන්තාරයක් පහු කරගෙන ආපු බව්වා ගැන ඔහු ලොකවක් ඉදිරියේ සංවේදී වෙමින් කියන්නේ මෙහෙම කතාවක්…

0
751

2007 ඉ රාක යුද් ධය අස්සේ මේජර් බ්‍රයන්ට Nubs කියන මේ බල්ලව හම්බෙන්නේ පාරේ අතරමං වෙලා ඉද්දි. කන් කප ලා දාලා තිබුණ නිසා එයාට Nubs කියලා නම තිබ්බා. දරුණු යුද්ධයක් මැද වුණත් මේ දෙන්නා මාර විදියට ෆිට් වුණා. ඒත් හමුදාවේ නීති නිසා බ්‍රයන්ට කෑම්ප් එක මාරු වෙද්දී Nubs ව දාලා යන්න සිද්ධ වෙනවා. වාහන පස්සෙන් දුවගෙන ආපු සතා දූවිලි අස්සේ නොපෙනී ගියාම බ්‍රයන්ටත් ඒක දරාගන්න බැරි වුණා.

ඒත් දවස් කීපයකට පස්සේ අලුත් කෑම්ප් එකේ හිටපු අයට අදහාගන්න බැරි දෙයක් දකින්න ලැබුණා. කටුක ඉ රාක කාන්තාරේ පහු කරගෙන, සීතල රෑවල් පහ කරගෙන හැතැප්ම 75ක් (කිලෝමීටර් 120ක් විතර) දුර පයින් ඇවිල්ලා Nubs තමන්ගේ යාළුවාව හොයාගෙන ඇවිත් තිබුණා. කොහොම පාර හොයාගත්තද කියන්න කවුරුත් දන්නේ නෑ. ආයෙත් මෙයාව අතාරින්න බ්‍රයන් කැමති වුණේ නෑ. එයා නීති පැත්තක තියලා, සල්ලි එකතු කරලා අන්තිමේදී Nubs ව ඇමරිකාවට ගෙන්න ගත්තා. නියම ලෝයල්ටි (Loyalty) එක කියන්නේ මොකක්ද කියලා මේ සතා මුළු ලෝකෙටම ඔප්පු කළා.

Previous articleරන් මිල වැඩිවීමේ නවතම වාර්තාව… අද දිනයේ තත්වය මෙන්න..
Next articleමගේ පිහිට මම පමණයි..” බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගත් පියුමි මේ කියන්නේ මොන වගේ කතාවක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights