ප්‍රවීණ කී බෝඩ් වාදන ශිල්පී සංගීත අධ්‍යක්ෂක රාජු ජයකොඩි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අති දක්ෂ ඕගන් වාදකයෙකු වූ ඔහු 80 යුගයේ ලංකාවේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ ‘SEAC’ සංගීත කණ්ඩායමේ මෙන්ම ‘සමන් ඇන්ඩ් ක්ලෑන්’ සංගීත කන්ඩායමේ සිටි ප්‍රධාන වාදකයෙකු ලෙසද කටයුතු කළා.
ග්‍රේෂන් ජයමහගේ මුල්ම කැසට් පටය වූ සුදු මීදුම කැසට් පටයට වර්නන් පෙරේරා විසින් ලියන ලද “හිම මාවතේ දි සීතලේ සැලිලා” ගීතයේ තනුව ද ඔහු විසින් නිර්මාණය කරන ලද්දකි.
එමෙන්ම සංගීතවේදි ගායක ක්ලැරන්ස් විජේවර්ධන සමග ඔහු බොහෝ නිර්මාණ වලට වාදකයකු ලෙස දායක වී තිබෙනවා.
මේ පිළිබදව ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතාද සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා












