ඇගේ මේ නික්මයාම සියල්ලන්ටම කම්පනයක්.. කාගේත් ආදරය රැජිනක් දිවිගමනට සමුදෙයි..

ඇගේ මේ නික්මයාම සියල්ලන්ටම කම්පනයක්.. කාගේත් ආදරය රැජිනක් දිවිගමනට සමුදෙයි..

ඇගේ මේ නික්මයාම කිසිවෙකුට දරාගත නොහැකි සිදුවීමක්.

එරට ජනතාව මේ වන විටත් බොහෝ සෙයින් කම්පනයට පත්ව ඇති කාරණයක් ගැනයි මේ කියන්න යන්නේ..

තායිලන්තයේ වජිරාලොන්ග්කෝන් රජුගේ මෑණියන් වන සිරිකිත් රැජිණ, 93 වැනි වියේදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අභාවප්‍රාප්ත වූ රැජිණ, ඊයේ (24) එරට වේලාවෙන් රාත්‍රී 9:21ට බැංකොක් රෝහලකදී “සාමකාමීව” මිය ගිය බවයි තායි රාජකීය නිවාස කාර්යාංශය පවසන්නේ.

2019 වසරේ සිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි සිරිකිත් රැජිණ, මේ මස මුලදී ඇති වූ රුධිර ආසාදනයක් ඇතුළු රෝගාබාධ කිහිපයකින් පීඩා විඳ තිබෙනවා.

වසර හයකට අධික කාලයක් තායිලන්තයේ වැඩිම කාලයක් රජ කළ භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ බිරිඳ වූ සිරිකිත් රැජිණ, 2016 දී සිය සැමියාගේ අභාවයෙන් පසු ‘රාජ මාතාව’ ලෙස හැඳින්වූවා.

තායිලන්ත ජනතාව විසින් ඇය ජාතියේ ප්‍රධාන මාතෘ රූපයක් ලෙස සලකනු ලැබූ අතර, ඇගේ උපන් දිනය වන අගෝස්තු 12 වැනිදා දින 1976 වසරේ සිට මව්වරුන්ගේ දිනය ලෙස සමරනු ලබනවා.

රැජිණ අවසන් වරට ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ 2012 වසරේදී ආඝාත තත්ත්වයකට මුහුණ දීමෙන් පසුවයි.

වජිරාලොන්ග්කෝන් රජුගේ නියෝගය පරිදි, රාජකීය අවමංගල්‍ය උත්සවය සංවිධානය කිරීමට රාජකීය නිවාස කාර්යාංශය කටයුතු කරමින් සිටින අතර, රැජිණගේ දේහය බැංකොක්හි ග්‍රෑන්ඩ් පැලස්හි දුසිත් තෝර්න් ශාලාවේ තැන්පත් කරනු ඇති.

එමෙන්ම තායි රාජකීය පවුලේ සාමාජිකයෝ වසරක ශෝක කාලයක් පිළිපදිනු ඇති බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

රැජිණගේ අභාවය හේතුවෙන් තායි අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරකුල් මැලේසියාවේ පැවැත්වීමට නියමිත අග්නිදිග ආසියානු ජාතීන්ගේ (ASEAN) සමුළුවට සහභාගී වීමට නියමිතව තිබූ සිය සංචාරය අවලංගු කර තිබෙනවා.

ඇයට සිය සැමියා වූ භූමිබෝල් රජු හමුව තිබෙන්නේ සිය පියා ප්‍රංශයේ තානාපති ලෙස සේවය කරන අතරතුර පැරීසියේදී සංගීතය හදාරමින් සිටියදීයි.

මෙම යුවළ 1950 අප්‍රේල් 28 වන දින විවාහ වූ අතර, ඒ භූමිබෝල් රජු බැංකොක්හිදී කිරුළු පැළඳීමට සතියකට පෙරයි.

ඇය පුත්‍රයෙකු හා දියණියන් තිදෙනෙකුගේ මවක්.

World Gossip