බොහෝ දෙනෙක් පීඩා විදින කොලෙස්ටරෝල් නැත්තටම නැති කරන බලගතු ස්වභාවික ඔසු හයක් මෙන්න

බොහෝ දෙනෙක් පීඩා විදින කොලෙස්ටරෝල් නැත්තටම නැති කරන බලගතු ස්වභාවික ඔසු හයක් මෙන්න

 

අපි නීරෝගි ජිවිතයක් ගෙවන්න කැමතියි… සමහර ලෙඩ රෝගවල නම් ඇහුවත් අපි බයයි නේද ? කොලොස්ටරෝල් කියන්නේ එහෙම රෝග තත්වයක්..

ඉතින් අපේ සිරුරේ රුධිර නාල අවහිර වීම වර්ධනය වෙන්නේ බොහොම හිමින්. ඒ නිසා වරින් වර පරීක්ෂා කිරීම ඉතා වැදගත්. නවීන ඖෂධ සහ ස්වභාවික ප්‍රතිකර්ම වලින් මේ තත්වය පාලනය කරන්න පුළුවන්. අපි අද කියල දෙන්නේ රුධිර නාල අවහිරවීම පාලනය කරන ස්වභාවික ඔසු 6ක් ගැන..

1. සුදු ළූණු
සුදු ළූණු කියන්නේ රුධිර නාල අවහිර වීම වැලැක්වීමට කියාපු බෙහෙතක්. ඒවා රුධිර නාල පුළුල් කර රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට මහගු දායකත්වයක් සපයනවා. සුදු ළූණු බික් තුනක් කිරි වීදුරුවකට දාලා උණු කරල නිවෙන්න තියල නින්දට යන්න කලින් බොන්න. මේක දිනපතාම කරන්න. මේ හැරුනම දිනපතා ඔයාගේ ආහාරයට සුදු ළූණු එකතු කරගන්න එක ඉතා හොදයි.

02. වියළි කහ
අවහිර වුනු රුධිර නාලිකා පිරිසිදු කරන තවත් වැදගත් කුළුබඩු වර්ගයක් තමයි කහ කියන්නේ.උණුසුම් කිරි වීදුරුවකට කහ තේ හැන්දක් සහ මී පැණි පොඞ්ඩක් එකතු කරල දවසට දෙපාරක් බොන්න. ඊට අමතරව දිනපතා ඔයාගේ ආහාරයට කහ එකතු කරගන්න.

03. ලෙමන්
ලෙමන් වල අඩංගු විටමින් ක්‍ නිසා රුධිර පීඩනය නිසි ලෙස පවත්වාගෙන යන්නත් රුධිර වාහිනී වල ආසාදනයන් ඇතිවීම අවම කරගන්නත් පුළුවන්. ඒ වගේම ලෙමන් වලට රුධිරයේ ඇති කොලොස්ටෝරෝල් ප්‍රමානය අවම කරන්නත් ධමනි පිරිසුදු කර රුධිර සන්සරණය ක්‍රමවත් කරන්නත් පුළුවන්. ගම්මිරිස් සහ මී පැණි ලෙමන් වීදුරුවකට එක් කර දිනකට වරක් හෝ දෙවරක් සති කිහිපයක් පානය කරන්න.
ඔයාට අවශ්‍යනම් ලෙමන් ලෙලි ටිකක් අරගෙන වතුර කෝප්ප හතරකට දමා විනාඩි 20ක් පමණ තම්බා ගන්න. ඉන් පසුව එම වතුර ටික පෙරාගෙන මී පැණි ටිකක් එකතු කරගන්න. මෙයින් කෝප්පයක් දවසට තුන් වරක් හෝ හතරවරක් සති කිහිපයක් යනකම් පාවිච්චි කරන්න.

04. ඉගුරු
ඉගුරු මගින් රුධිරවාහිනී වල මේද කොටස් තැන්පත්වීම අවම කරනවා වගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණයත් අවම කරනවා. ගාගත් ඉගුරු තේ හැන්දක් දාල තේ එක හදන්න. ඉගුරු ටික හොඳින් පෙගෙනකන් විනාඩි පහක් විතර තියෙන්න හරින්න. ඊට පස්සේ එක පෙරලා අරන් මී පැණි පොඞ්ඩක් එකතු කරලා බොන්න ගන්න. හිස් බඩට ඉගුරු කෑල්ලක් කන එකත් හොඳයි. නමුත් ඔයාට ගැස්ට්‍රයිටීස් හෝ පිත්තාශයේ ආබාධ තියෙනවා නම් ඉගුරු ප්‍රතිකාර ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ.

05. උළුහාල්
උළුහාල් තේ හැන්දක් වතුර වීදුරුවකට දාල පැයක් තියෙන්න හරින්න. ඊළග දවසේ උදේ මේ පෙගුණු උළුහාල් ඇට වතුර ටිකත් එක්කම ආහාරයට ගන්න. මතක තියාගන්න. මේක කරන්න ඕන හිස්බඩට තවත් ක්‍රමයක් තමයි උළුහාල් තේ හැන්දක් වතුර කෝප්පයකට දාල නටන තුරු උණු කරන්න. ඊට පස්සේ වතුර ටික පෙරලා අරන් මී පැණි පොඞ්ඩක් එකතු කරලා දවසට දෙපාරක් බොන්න.

6 රතු නිවුඩු හාල්
ඇහිරුණු රුධිර නාලිකා පිරිසිදු කර හෘදයාබාධ ඇති වීමේ අවධානමෙන් ඔබව මුදවා ගැනීමේ හැකියාව රතු නිවුඩු හාල් වලට තියෙනවා. ශරීරයේ ඛෘඛ කොලොස්ටරෝල් අඩු කිරීමේ මොනොකොලින්ස් මේ වර්ගයේ සහල් වල අඩංගු වෙනවා. ඒ වගේම රතු නිවුඩු හාල් වල ඇති phytosterols, beta-sitosterol, campesterol, stigmasterol, isoflavones වැනි පෝෂණ සංගටක නිසා කොලොස්ටරෝල් නාශනය කරලා හදවතේ නිරෝගී බව පවත්වා ගෙන යන්න විශාල රුකුලක් සපයනවා.
උපුටා ගැනීමක්
by TaboolaSponsored Links
You May Like

Uncategorized