Home Uncategorized පාවහන් වලින් හමන දුගද නැති කරන්න පුලුවන් සුපිරි ටිප්ස් ටිකක් මෙන්න..

පාවහන් වලින් හමන දුගද නැති කරන්න පුලුවන් සුපිරි ටිප්ස් ටිකක් මෙන්න..

0
77

අපි උෂ්ණත්වය රටක ජීවත්වන අය.අධික දහඩිය දැමීම නිසා විවිධ අපහසුතාවලට ලක් වෙනවා.පාවහන් පැලඳීමේදී පාද වලට දහඩිය දැමීම නිසා පාවහන්වලින් අප්‍රසන්න දුගඳක් හැමීම තියෙන ගැටලුව අපි හැමෝටම තියෙන විශාල ගැටලුවක්.මෙය කාන්තා අපට පමණක් පොදු ගැටලුවක් වන්නෙත් නැහැ.පාසල් යන දරුවන්ට රැකියාවට යන ස්වාමි පුරුෂයන්ට මේ ගැටළුවට තදබල ලෙස ලක් වන්නට සිදු වනවා.

හොඳ ගෘහණියක් විදිහට ඔබ කොහොමද මේ ගැටළුවට පිළියම් සොයන්නේ?අද අපි ඔබට කියා දෙන්නේ ඒ ගැන.

බේකින් සෝඩා භාවිතය

බේකින් සෝඩා කියන්නේ නිවසේ ඇති බොහෝ ගෘහාශ්‍රිත ගැටළුවලට විසඳුම් හොයන මැජික් එකක්.ඔබට ඒ මැජික් එක මේ මේ දුගඳ හමන පාවහන් වලටත් භාවිතා කරන්න පුළුවන්.බේකින් සෝඩා ස්වල්පයක් පාවහන් තුළට දමා තබන්න.ප්‍රසන්න දුගඳ පහව යාවි.මෙය රාත්‍රියක් පුරා තැබීම සුදුසුයි

ලුණු භාවිතය

කැන්වස් සහ ස්නීකර්ස් වැනි පාවහන් තුළින් නැගෙන අප්‍රසන්න දුර්ගන්ධය වැළැක්වීම සඳහා ඒවා තුළට ලුණු එක් කර තැබීමෙන් හොඳ ප්‍රතිඵල ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්

සමහර තෙල් වර්ග භාවිතය

කරාබුනැටි තෙල්,ටී ට්‍රී ඔයිල් වැනි තෙල් වර්ගයක් ටිෂූ එකකින් පොඟවා හෝ රෙදි කැබැල්ලකින් පොඟවා සපත්තුව තුළ රැයක් පුරා තැබීමෙන්ද ගැටළුවට හොඳ විසඳුමක් සෙවීමට හැකියි

ඇල්කොහොල් භාවිතය

අධික ලෙස දුර්ගන්ධයට පත් පාවහන් ඇල්කොහොල් ස්වල්පයකින් පිරිමැදීමත් සුදුසු බව කියැවෙනවා.

ටී බෑග් භාවිතය

ටී බෑග් එකක් උතුරන වතුරට දමා මිනිත්තු තුනක් පමණ තබන්න.පිටතට ගෙන හොඳින් නිවෙන්නට ඉඩහරින්න.ඉන්පසු පැයක් පමණ ඔබේ ගඳගසන සපත්තුවේ එය තැබීම එහි ඇති අප්‍රසන්න දුගඳ ඉවත් වීමට හේතු වනවා

ළදරු පුයර භාවිතය

ළදරු පුයර ගඳගසන සපත්තුව තුළට ඉසීම මගිනුත් ඔබට අප්‍රසන්න දුර්ගන්ධය වලක්වා ගන්නට පුළුවන්.නමුත් සපත්තුව පැළඳීමට පෙර පුයර ඉවත් කරගන්න.කිනම් ඔබ ලිස්සීමට ලක්වන්නට පුළුවන් .

ශීතකරණයේ DeepFreezer තුළ තැබීම

සපත්තු කුට්ටමේ ඇති මඩ සහ කුණු හොඳින් ඉවත් කර හොඳින් සෝදා වේලා ගන්න.ඉන්පසු ශීතකරණයේ ඇති ආහාර ද්‍රව්‍යය ඉවත් කර සපත්තු එහි දමන්න.රැයක් පුරා මෙසේ තැබීමෙන් අප්‍රසන්න දුර්ගන්ධය නැති කර ගන්නට පුළුවන්.

හොඳින් සේදීම සහ වේලීම

පාවහන් වලට හානි නොවන සේ සුදුසු සේදුම් සේදුම් දියරයක් යොදාගෙන පාවහන් නිතර පිරිසිදු කර මද අව්වේ වේලා ගැනීමෙනුත් ඔබට මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

Previous articleනහර ගැට ගැහෙනවට ආතරයිටිස් වලට හොඳම විසඳුම ඔයාලගේ ගෙදර කුස්සියේම තියෙයි කියලා මීට කලින් දැනගෙන හිටියේ නෑ නේද ? මෙන්න ඒ ගැන…
Next articleරෑ නින්දෙන් කෙණ්ඩා පෙරළෙන ලෙඩේ ඔයාටත් තියෙයිද ? මෙන්න එහෙනම් හරියනම බෙහෙත…
error: Content is protected !!
Verified by MonsterInsights