Phone එකක් ගනිද්දී අපි සැලකිලිමත් විය යුතු බොහෝ දේවල් තිබෙනවා. අද අපි ඔබව දැනුවත් කරන්න සුදානම් වෙන්නේ මෙන්න මේ ගැනයි.
නිමාව (Finishing)
ෆෝන් එකක කල් පැවැත්මට ගොඩක්ම වැදගත් වන දෙයක් තමයි එහි කල් පැවැත්ම. ලෝහ, වීදුරු සහ ප්ලාස්ටික් අලුත් ෆෝන්වල වැඩිපුරම පාවිච්චි කරනවා. ඉතින් ෆෝන් එක අතට ගත්ත ගමන් ඔබේ පාවිච්චියේ හැටියට මේක ඔරොත්තු දෙන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් තට්ටුවක් දාලා බලන්න. නිතර ෆෝන් එක බිම දාගන්න කෙනෙක් නම් ප්ලාස්ටික් තමයි හොඳම.
ප්‍රමාණය (Size)
ෆෝන් එකේ ප්‍රමාණය ගොඩක්ම තීරණය කරන්නේ ෆෝන් එකේ තිරයයි. ඔබ නිතර වීඩියෝ, චිත්‍රපටි බලනවා නම් ටිකක් ලොකු තරමේ එකක් තියෙන එක හොඳයි. ඒත් ඉතින් අතේ තියාගෙන බස් එකේ එල්ලිලා තනි අතින් වුණත් පාවිච්චි කරන්න පුළුවන් වගේ ඔබේ එදිනෙදා ක්‍රියා පිළිවෙළට ගැලපෙන ප්‍රමාණයේ එකක් ගන්නත් අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් අඟල් 5.5ක වගේ එකක් ඕනම දේකට ගැලපෙනවා.
ප්‍රොසෙසරය (Processors)
ෆෝන් එකේ වේගයට බලපාන තවත් සාධකයක් තමයි ප්‍රොසෙසරය කියන්නේ. මේ අගය ජී - එච් - ඉසෙඩ් හෙවත් ගිගාහර්ට්ස් කියලා අංකයකින් දක්වලා තියෙනවා. එය වැඩි වන තරමට වේගයත් වැඩි වෙනවා. මිනුමක් විධියට ගිගාහර්ට්ස් 1.2 GHz වුණු ඔක්ටාකෝ ප්‍රොසෙසරයක් ටිකක් බර වැඩකට වුණත් හොඳටම ඇති.
රැම් එක (Ram)
ෆෝන් එකේ වේගයට රැම් එක නම් ටිකක් වැඩිපුර නැතුවම බැහැ. මේ කාලයේ නම් අඩු තරමේ 3GB රැම් එකක්වත් තිබෙනවා නම් තව අවුරුද්දක් දෙකක් ෆෝන් එක ස්ලෝ නොවී පාවිච්චි කරන්න පුළුවන් වේවි.
ඉදිරිපස සහ පසුපස කැමරාව (Back & Front Camera)
කැමරාවේ ගුණාත්මක බව බලන්නේ මෙගා පික්සල් හෙවත් එම් - පී අගයෙන්. හැබැයි ඉතින් ඒ අගය වැඩි වුණාටම කැමරාවේ කොලිටිය වැඩි වෙන්නේ නැහැ. ඒකට පික්සල් ප්‍රමාණය, ISO අගය වගේ ගොඩක් දේවල් බලපානවා. ඔබ නිතර සෙල්ෆි ගන්නා කෙනෙක් නම් ඉදිරිපස කැමරාව ටිකක් වැඩි අගයක එකක් ගන්න බලන්න. අඳුරේදි, අත සෙලවෙද්දී හොඳ ඡායාරූපයක් ගන්න පුළුවන් කැමරාවක් නම් චාරිකාවක් යන ඔබට බොහොම වැදගත් වේවි. ඒ නිසා ෆෝන් එත මිලදී ගන්නට කලින් අතට අරගෙන පින්තුර කිහිපයක් අරගෙන බලන්න.
බැටරිය (Battery)
ඔබ ෆෝන් එක පාවිච්චි කරන ප්‍රමාණය අනුව බැටරිය බලපානවා. සාමාන්‍යයෙන් එම් ඒ එච් හෙවත් පැයට මිලි ඇම්පියර් ප්‍රමාණය 3000ක් වගේ ගහලා තියෙන එකක් ගත්තොත් දවස පිරිමහ ගන්න පුළුවන් වේවි. කොහොමටත් ගත්තාට පස්සේ බ්‍රයිට්නස් අඩු කරලා එහෙම පාවිච්චි කළාම බැටරිය තවත් බහින්නේ නැතුව තියාගන්න පුළුවන්.
මෙහෙයුම් පද්ධතිය (Operating System)
ෆෝන් එකේ මෙහෙයුම් පද්ධතිය අලුත් වෙන තරමට එයට ලැබෙන පහසුකම්නුත් නිකම්ම වැඩිවෙනවා. ෆෝන් එක නිෂ්පාදිත වර්ෂය අලුත් වෙන තරමට ඔබට අලුතින් එන OS updatesනුත් ලබා ගන්න පුළුවන්. ඉතින් අවුරුදු කීපයකට පාවිච්චි කරන්න බලාගෙන ගන්නවා නම් නිෂ්පාදිත වර්ෂය අලුත් එකක්ම ගන්න
අභ්‍යන්තර ධාරිතාව (Rom)
ඉන්ටර්නල් ස්ටෝරේජ් එක අඩු තරමේ 16GB කියලා ගහපු එකක්වත් නොගත්තොත් මේ කාලේ නම් පාවිච්චි කරන්න අමාරුයි. ඇප්ස් වැඩි වෙද්දි ඒකත් පිරිලා යනවා. හැබැයි එස්ඩී කාඩ් දාන්න පුළුවන් ෆෝන් එකක් නම් සින්දු, පින්තූර එහෙම ඒකේ තියන්න පුළුවන් නිසා වාසියක් තියෙනවා.
ආරක්ෂාව (Security)
දැන් එන බොහොමයක් දුරකථනවල ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර්ස් තියෙනවා. ඉතින් පාස්වර්ඩ් එක ගහනවාට වඩා ඒ වගේ ආරක්ෂාවක් ෆෝන් එකට ලැබෙන එක බොහොම වැදගත්. එතකොට යාළුවොන්ට ෆෝන් එක අහුවුණාම ෆේස්බුක් එකට අනංමනං දාන එක නවතිනවා.
සවුන්ඩ් (Sound)
තාමත් ජැක් තියෙන හෙඩ්සෙට් බහුල නිසා ෆෝන් එකේ හෙට්සෙට් ජැක් එකක් තියෙන එක ඕනම හෙඩ්සෙට් එකක් ගහන්න අවස්ථාව දෙන හින්දා වටිනවා. ඒ වගේම ෆෝන් එකේ ස්පීකර්ස් දෙකක් තිබෙන එක සද්දෙට සින්දු අහනවා නම් වැදගත් වේවි.
තඹරු විජේසේකර