🧑⚕️☝️විලුබේ වේදනාව සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර
🌸ලුණු සහ තලාගත් අමු කහ මඳ උණුසුම් ජලයට දමා කලවම් කර පාදය ඒ වතුර බදුනේ බහාගෙන සිටීම. මේ උණුසුම් ජලය නිවෙනතුරු එසේ පාදය තබා ගත යුතුයි. මේ ප්‍රතිකර්මය උදේ සවස කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
🌸බැල තණ, ගොරකා යන දෙවර්ගය ජලය දමා හොඳින් තම්බා ගන්න. එසේ තම්බාගත් වතුර භාජනයකට දමා එයට විනාකිරි ස්වල්පයක් දමා එහි පාද බහා තබා ගන්න. මෙය දිනපතා සිදු කිරීමෙන් අපහසුතාවය මගහරවා ගන්නට පුළුවන්.
🌸බැල තණ, අමු ගස්ලබු දළු, ලුණු ආදිය හොඳින් කොටා මලවා වේදනා සහිත ප්‍රදේශය ආශ්‍රිතව මැල්ලුමක් ලෙසින් බැඳගන්න.
🌸අබ විනාකිරෙන් අඹරා වේදනා සහිත ස්ථානය ආශ්‍රිතව බැඳ රත්කරගත් තිරුවානා ගල් කැබැල්ලක් මෙන් පත්තුවට බාහිරින් තවන්න.
🌸නික කොළ, හීරැස්ස වැල්වල පුරුක් දෙක තුනක්, අමු කහ සහ ලුණු කැට ස්වල්පයක් ගෙන මේ සියල්ලම සිහින් වන තුරු කොටා ගන්න. මේ ද්‍රව්‍ය කොටන විට හීරැස්ස සතු කසන ස්වභාවය ඉවත් කර ගන්නට පොල් ස්වල්පයක් ද එකතු කර ගන්න. මෙසේ සිහින් වෙන්නට කොටාගත් ද්‍රව්‍ය මලවා ගෙන රාත්‍රියට විලුබේ බැදීම කළ යුතුයි. මෙය දිනපතා සති දෙකක පමණ කාලයක් සිදු කිරීමෙන් විලුබ ආශ්‍රිත මේ වාත කණ්ඨක දෝෂය මගහරවා ගන්නට පුළුවන්.
🌸හීන් උදුපියලිය, පොල් කුඩු සහ අමු කහ ආදිය මලවා රාත්‍රියට විලුබේ බැද උදෑසන ඉවත් කරන්න.
🌸🌸(මේ සියලු ප්‍රතිකාර සිදුකරන අතර මුලින්ම සඳහන් කළ මඳ උණුසුම් ජලයට ලුණු කහ දමා පාදය එහි දමාගෙන සිටීම කළ යුතු වෙනවා.)
🌸☝️ඒ හැරුණාම පහත පිළියම් ද මේ වේදනාවෙන් මිදෙන්නට ඔබට භාවිතා කරන්න පුළුවන්.
🌸අයිස් පොට්ටනි අයිස් කැට කිහිපයක් රෙදි කැබැල්ලක දමා එයින් වේදනා සහිත විළුඹ ප්‍රදේශය හොඳින් තවන්න. මෙය වරකට විනාඩි පහක් දහයක් දහයක් බැගින් නින්දට යන්නට පෙර සහ උදෑසන අවදි වූ විට සිදු කිරීමෙන් මේ වේදනාව නැතිකර ගන්න පුළුවන්.
🌸අයිස් වතුර බෝතල් අයිස් වතුර පිරවූ බෝතලයක් ගෙන එය වේදනා සහිත පාදයෙන් ඉදිරියට සහ පිටුපසට රෝල් කිරීම විතරයි ඔබට කරන්නට තියෙන්නේ. මෙයින් ක්ෂණිකවම ඔබේ විලුබ ආශ්‍රිතව ඇතිවන වේදනාව අඩු කරගන්නට පුළුවන්.
🌸ගෝවා කොළ උණුවතුරට දමා එසැණින් ගත් ගෝවා කොළ විලුබේ බැද විනාඩි 20 කින් ඉවත් කරන්න.
🌸සම්බාහනය පොල් තෙල් මගින් පතුල් සම්බාහනය කිරීම ඒ හැරුණාම පාදයට විවේකයක් ලබාදීම ඇතුළු මේ රෝග තත්ත්වය ඇතිවීමට බලපාන හේතු පාලනය කරගත යුතු වෙනවා.
🛑☝️නමුත් මේ ප්‍රතිකාරවලින් ගුණයක් නොමැති නම් අනිවාර්යෙන්ම ඔබ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට අත්‍යවශ්‍ය කරුණකි.
copied..
