Home Uncategorized වකුගඩු රකින කුරුම්බා වල ඇති ඔබ නොදත් විශ්මිත ගුණ මෙන්න

වකුගඩු රකින කුරුම්බා වල ඇති ඔබ නොදත් විශ්මිත ගුණ මෙන්න

0
126

 

අධික ලෙස කෘමිනාශක හා වල්නාශක යොදා සිදු කරන ගොවිතැන හෙයින් අද අප පානය කරන ජලයේ දියවී ඇති විස නිරන්තරයෙන්ම අප සිරුර ලෙඩ කරන බව තවදුරටත් රහසක් නෙමෙයි. එනිසා කුරුම්බා වැනි ස්වාභාවික පානයන් ලබා ගැනීම ඉතා වැදගත්. කුරුම්බා ගෙඩිය තුල දියරය තිබියදීම හබල පෙති ආදිය එහි බහා මද වේලාවක් කබා පානය කිරීම එකල ඉතා ජනප්‍රියි. දාහය නිවන්න පමණක් නොව අප එතරම් ගණන් නොගත්තාට කුරුම්බා යනු ඉතාමත් ගුණදායී පානයක්.

ස්වීඩන ජාතික විද්‍යාඥයෙකු වන “සැන්ඩර් මාර්ක්ස්” විසින් වසර ගණනාවක් පුරා පවත්වන ලද පර්යේෂණවලින් හෙළිකරගත් තොරතුරුවලට අනුව,“කුරුම්බා වතුර සිරුරේ ගෙවීයන පටක කොටස් ප්‍රකෘතිමත් කිරීමටත්, යෞවන බව ආරක්ෂාකර ගැනීමටත් අවශ්‍ය රසායනිකයන්ගෙන් සපිරි කදිම පෝෂණීය පානයකි”. පිලිපීනයේ “භූ සම්පත් සහ පතල් සම්බන්ධ රාජ්‍ය ආයතනය” මඟින් සිදුකරන ලද පර්යේෂණවලට අනුව පැය 60 – 70 පමණ කාලයක් පොල් වතුරේ බහා තිබෙන ඛනිජ ස්පටික කුඩා කැබලිවලට කැඩී හෝ සම්පූර්ණයෙන්ම දියවී යන බව හෙළිදරව් විය. කුරුම්බා වතුර ඇසුරෙන් මෙවැනිම තවත් ඉතා සාර්ථක පරීක්ෂණයක් සිදුකරන්නට පිලිපීන ජාතික වෛද්‍ය විශේෂඥයෙකු වන එව්පෙමුයෝ මැකලල් ග්‍රේ සමත්විය.

මුත්‍රාශයේ ගල් ඇතිවීම නිසා දැනෙන අපහසුතාවය මෙන්ම වේදනාවන් විඳදරා ගැනීම පහසු නොවේ. විශේෂඥ වෛද්‍ය ග්‍රේට අනුව නැවුම් ළපටි කුරුම්බා වතුරෙහි අඩංගු මුත්‍රා කාරක ගුණාංග නිසා වකුගඩුවලින් මුත්‍රා පෙරීම මෙන්ම මුත්‍රාශයෙන් මුත්‍රා වහනය ද පහසුවන බව ස්ථීරයි. කුරුම්බා වතුර පානය කිරීමෙන් ලැබෙන මේ යහපත නිසාම වකුගඩුවල හා මුත්‍රා මාර්ගයේ මුත්‍රා ගල් වර්ධනය වීමට බලපාන සාධකවන ඛනිජ ලවණ වකුගඩු තුළ හෝ මුත්‍රාශය තුළ හෝ නොරැ‍ඳෙයි.

නිරෝගීව සිටින්නට කෘත්‍රීම කෝලා බීම වෙනුවට කුරුම්බා වතුර වැනි දේශීය පානයන් වෙත වැඩි නැඹුරුවක් දැකිවීම මේ අනුව වඩාත් සුදුසු නොවේද?

– කල්හාරී –

Previous articleඔසප් චක්‍රය අක්‍රමවත්ද? මේ දේවල් ගැන දැනුවත්වන්න
Next articleලස්සන වෙන්න හිතමනාපෙට එක එක ක්‍රීම් ගාන්න කලින් මේ ගැනත් දැනගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights