අධික වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වාර්තා වන අන්දමට, රත්නපුර සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස පළමු මට්ටමේ (Level 1) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, මෙම නිවේදනය ඉදිරි පැය 24 පුරාම බලපැවැත්වෙනු ඇති.
දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් කඳු බෑවුම් ආශ්‍රිතව සහ නායයෑම් අවදානම පවතින ස්ථානවල පදිංචි පිරිස් මේ මොහොතේ ඉතාමත් අවධානයෙන් පසුවිය යුතු බවයි බලධාරීන් අවධාරණය කරන්නේ.
විශේෂයෙන්ම පොළොව ගිලා බැසීම්, ගස් ඇලවීම් හෝ පස් කඳු කඩා වැටීම් වැනි ලක්ෂණ දුටුවහොත් වහාම ආරක්ෂිත පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.










