ඔබේ සිරුරේ තරබාරු බව අඩු නොවෙන්න හේතු මෙන්න..

0
305

උදරය ඉදිරියට නෙරා ඒම මෙන්න අධික ලෙස මහත් වීම හේතුවෙන් ඔබ අපහසුතා රාශියකට මේ වන විටත් මුහුණදෙන්නට ඇති.

ඒ නිසාම තරබාරු බව අඩුකරගන්නට විවිධ ක්‍රමත් අනුගමනය කරන්නට ඇති. ආහාර අඩුවෙන් ගත්තද, ව්‍යායාම කලද තවමත් ඔබට ශරීරයේ තරබාරු බව අඩු කරගන්නට හැකි වී නැතිද ? එසේනම් බර අඩුකරගැනීමට බාධා කරන මේ දේවලුත් ඔබේ අතින් නොදැනී හෝ සිදුවනවාද බලන්න.

වැඩි වේලාවක් නින්දේ පසුවීම
බර අඩුකරගන්නට වෙහෙසෙන ඔබ නින්දට වැඩි කාලයක් දීම සුදසු නොවේ. එයින් සිදුවන්නේ ව්‍යායාම කිරීමට ඇති කාලය ක්‍රමයෙන් අඩුවී යාමයි.  ව්‍යායාම කිරීම තුලින් ශරීරයට ශක්තියක් ලැබෙන අතර නින්ද මගින් ඔබේ ආහාර රුචිය වැඩි කරවීම සිදුවේ. ඒ නිසා තරබාරු ඔබ වැඩි වේලාවක් නිදාගැනීම සුදසු නොවේ.

උදෑසන ආහාරය මගහැරීම
උදෑසනට ඔබ ගන්නා ආහාරය අතපසුවීම තුලින් සිදුවන්නේ කැලරි සිරුර තුල තැම්පත්වීමයි. එමෙන්ම උදෑසන ආහාරය නිසියාකාරව ගන්නා අයගේ ශරීරය මහත්වීම සිදුනොවේ. උදෑසන ආහාර වේල මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලියද හොඳින් සිදුවන අතරම ප්‍රෝටීන් හා කෙදි සහිත ආහාර උදෑසන ගැනීම මඟින් ශරීරයට අමතර ශක්තියක්ද ලබාගත හැකියි.

එළවළු වර්ග ආහාරයට නොගැනීම
තරබාරු ඔබ දිනකට එළවළු හා පලතුරු වර්ග 5ක් හෝ 7ක් අතර ප්‍රමාණයක් ආහාරයට ගැනීට වැදගත්. නමුත් එවැනි ආහාර එක්කර නොගැනීම මඟින් ඔබේ ශරීරයේ බර වැඩිවීම සිදුවන්නට පුලුවන්. හැකි පමණ පිටි සහිත ආහාර අනුභවය අඩුකරන්න.

ආහාර පාලනය වැඩිවීම
ඔබ ආහාරයට ගන්නා අඩු කැලරි යැයි සිතන ආහාර වල අතිරේක සෝඩියම් මෙන්ම සීනි හෝ රසායනික දේ අඩංගු වියහැකියි. ඒම ආහාර අසුරනවලද ඒවා සඳහන් නොකරයි. පෝෂණය අඩු එවැනි ආහාර වර්ග සුළු ප්‍රමාණයක් තිබුණත් ඒ මඟින් ආහාර රුචිය වැඩි කරවයි.

ආහාර නොගෙන ව්‍යායාම කිරීම
ඔබ දිනපතා ව්‍යායාම කරන්නේනම් එය සිදුකිරීමේදී ආහාර නොගෙන සිටීම නොසුදසුයි. පර්යේෂකයන් පවසන පරිදි මෙලෙස ව්‍යායාම කිරීමේදී කැලරි දහනය වූවද ඔබේ මාංශ පේෂීන්වල ඇති මේදය දහනය නොවේ. ඒ නිසා ඔබේ ශරීරයේ ඇති ශක්තිය වැයවීමෙන් ජවසම්පන්න බව අඩුවී යයි.

අනිවාර්ය ආහාරවලින් ඈත්වීම.
තරබාරු ඔබ ආහාර පාලනයට හුරුවීම තුලින් පෝෂණ ඌනතා පවා ඇතිවිය හැකියි. එම නිසා පෝෂණීය ආහාර තෝරාගැනීමට වගබලාගන්න. ඒ නිසා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අඩුකර ධාන්‍යමය ආහාර වලට මුල්තැන ලබාදෙන්න.

රෑ ආහාර වේල පිටතින් ලබාගැනීම
උදේ, දවල් නිවසේ පිළියෙල කරන ආහාර අනුභව කරන ඔබ රාත්‍රියේදී පිටතින් ආහාර ගැනීමට පෙළඹෙනවා. එහිදී පැණිබීම, තෙල් ආහාර මේ තුල අනිවාර්යෙන්ම අඩංගු වෙනවා. එවන් ආහාරවලට වඩා තම්බා හෝ සලාදයක් ලෙස සාදාගත් කෑම ඉතාමත් වටිනවා.
අන්තර්ජාලය ඇසුරෙනි.

 

Previous articleපැසුණු හිස කෙස් කළු කරන ගෙදරදී සාදා ගතහැකි මානෙල් මල් සත්කාරයක් මෙන්න.
Next articleසුව කළ නොහැකි රෝගයකින් මිදෙන්න නිරුවතින් නිදියන්න..