Home දේශිය පුවත් ඔන්න ලෙඩේ ඇවිල්ලා… ලංකාවටත් රතු එළි දැල් වූ නව කොවිඩ් ප්‍රභේදය ගැන...

ඔන්න ලෙඩේ ඇවිල්ලා… ලංකාවටත් රතු එළි දැල් වූ නව කොවිඩ් ප්‍රභේදය ගැන ඇසෙන මේ කතාව මොකද්ද ?

0
39

ආසියානු කලාපයේ පැතිර යමින් තිබෙන නව කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අනූව ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවයි පැවසෙන්නේ.

මෙරට රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා ලබාගෙන කළ පර්යේෂණවලින් මේ බව තහවුරු වී ඇති බව සඳහන්.

නමුත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

කෙසේ වෙතත් ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැළඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන බැවින් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවනවා

Previous articleලොවම දන්න බොලිවුඩ් සුපිරි තරුව ආදිත්‍යගේ නිවසට ඇතුලු වූ ඇය කවුද ?
Next articleබලපිටිය මුහුදේ අතරමං වූ ධීවරයින් බේරා ගත් ගුවන් හමුදා විරුවන්ගේ එක් බිරිඳක් කී ඔබ නොඇසූ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights