Home ජීවිතයට යමක් ඇස්වහ, කටවහ දුරු කරගන්න නිවැ‍රදි ක්‍රමයක් මෙන්න..

ඇස්වහ, කටවහ දුරු කරගන්න නිවැ‍රදි ක්‍රමයක් මෙන්න..

0
1188

අප දෑසට ග්රහණය වනු ලබන ගහකොළ පටන් සෑම වස්තුවක් කරාම ඇස් වහ, කට වහ, හෝ වහ යන විස වායු ශක්තිය පැතිර පවතිනවා.

භූමියේ දළුලා වැඩෙන තණකොළ ගසට එසේම දීප්තිමත් වැලි ඇටයට පවා මේ විස වායු ශක්තිය හිංසා පමුණුවන බව පර්යේෂණ අනුව පෙනී ගිය කරුණක්. දරුවන්ගේ ඉණවට පබලුවැල් බඳින්නේ ද නළලත කළු පාට තිලක තියන්නේ ද, පංචායුධ පළඳවන්නේ ද ගෙයක් තැනීමේදී ගෙය වට ආවරණය කර පඹයින් එල්ලන්නේ ද ව්යාපාර ආරක්ෂාවේදී දෙහි ගෙඩි තුනක් සමඟ මිරිස් කරල් එල්ලන්නේ ද දෙහි කපන්නේද මෙම ඇස් වහ, කට වහ, හෝ වහ උවදුරු දුරු කර ගැනීමටය.

අපල දශාවලදී හා අසුබ දශාවලදී මෙම දෝෂ ඇති වීමේ ඉඩකඩ වැඩියි. ඉක්මනින් මේවාට ගොදුරු විය හැකියි. අතීතයේ ඇස් වහ කට වහ දුරු කර ගැනීමට සෑම වැඩිහිටියෙක්ම වාගේ දැනගෙන සිටයා. නිවෙස්වල යක් බලි , සෙත් බලි , මල් බලි, වස් බලි ආදී ශාන්තිකර්ම රැකගෙන ආවත් අද වන විට දෙහි කැපුම් ශාන්තියක් පමණක් ඉඳහිට දක්නට ලැබෙනවා. මීට අමතරව ඇස් වහ මැතිරීම ඇස් වහ පිච්චීම යනුවෙන්ද ශාන්තිකර්ම පිළිවෙත් ඇතියි.

ඇස්වහ-කටවහ දොස් නිට්ටාවටම දුරු කරන කෙම් ක්‍රම මෙන්න

ඇස්වහ කටවහ පිච්චීම කතා නොකර කළ යුතුය. මේ සඳහා දවසේ ඉර බස්නා වේලාවේදී මුලු ගෙයම අතු පතු ගා කුණු ගොඩ ඉිදිරි උලුවස්ස උඩ තබා මුළුතැන්ගෙට ගොස් අබ, ලුනු, සීනි, මිරිස් කරලක් (හීනියට කඩා) දකුණු මිටට ගෙන වම් අතින් දුම් කබල අල්ලා ගෙන මීට කලින් ගෑණූ පොල්කටු තුනක් පුලුස්සා කබලට අඟුරු ගත යුතුය.

මුළු ගෙහිම දුම් අල්ලා ප්‍රධාන උළුවස්ස ළඟට ගෙන එන විට කුඩා දරුවකු නම් වැඩිහිටියෙක් දරුවා වඩාගෙන උලුවස්ස මැද හිටගත යුතුය. දැන් ගෙයින් එළියේ සිට අර දුම් ඇල්ලූ අය ලුණු සහිත දකුණු අත තුන්වරක් දරුවාගේ හිස වටා කරකවා ශරීරය දිගේ පහළට පිස දමමින් පැමිණිය යුතුය. මෙලෙස තුන් වරක් කර දෙපතුලේ ඇති දුම් කබලට අර ලුනු මිශ්‍රණය දමා තෙවරක් කෙළ ගැසිය යුතුය. දරුවාද වඩාගෙන සිටියේ තම වැඩිහිටියාද එසේ තෙවරක් කෙළ ගැසිය යුතුය. මෙසේ කල පසු දුම් කබල ගෙන වත්තෙ ගේට්ටුව වෙත කෙළ ගසමින් වචනවලින් බැන බැන රැගෙන ගොස් ගෙට්ටුව අසල තැබිය යුතුය. “මුංගේ ඇසු පුපුරන්ට, කටවල් පුපුරන්ට, පර බල්ලෝ, ගෙදර ඉන්නවත් නෑ, මුං ඇවිල්ලා වාචාල වචන කියනවා” ආදී දෑ කියමින් රැගෙන යා යුතුය. පරුෂ වචනයෙන් බැන බැන ගියත් දෝෂ නැත. එම දුම් කබල ආපසු ගේන්නේ පසුදා උදෑසනය. මෙය තෙදිනකින් කරන්නට උපදෙස් දුන්නද පුදුමය එක දවසින්ම සියල්ල සමතයකට පත්වීමය.

මෙයට වඩා පහසු තවත් ක්‍රමයක් ඇත. තමාට සැක සිතූ ඇය ඇස්වහට, කටවහට ප්‍රසිද්ධ වූ ඇය ගෙයින් නික්ම ගියාට පසු ඇය දෙස බලා “අනේ නොදකින්, තුඃ තුඃ ” කියා ගිය දෙසට බිමට තුන් වරක් කෙළ ගැසීමෙන්ද ඇස්වහ කටවහ දුරුවේ.
දෙහි කැපීම- දෙහි තීන්දුවක් තීන්දුවකට කැපීමෙන් මෙම සියලු දෝෂාන්ධකාරයෙන් දුරුවේ. එහෙත් සිත් සංකා දෝෂය දුරුවේ. යයි අපටද සැක සහිතය.

මෙය සාමාන්‍යයෙන් මන්ත්‍ර දන්නා අයෙක්ම කළ යුතුය. සුදුසු වූ මල් බුලත් පුටුවක් තනා දෙහි ගැට හතක්, නමයක් 14 වශයෙන් ජීවම් කර හිසේ සිට දෙපතුලට දෙහි කපා කැපූ දෙහි දිය කොටහකට දැමීමෙන් මෙම දෝෂාන්ධකාරයන් එසැනින්ම දුරුවේ. හැබැයි මෙහිදී කරන්නන් වාලේ නොව කිලි කුනු නසා දෙහි හොඳින් ජීවම් කරගෙන කපා මැටි කොරහකට දැමිය යුතුය. ඒ පිළිබඳව කළයුතු වතාවන් ඇදුරන් දන්නා කාරණයකි. ඇතැම් දේවාලයක් යයි කියා ගන්නා තැන්වල සිටින කපුවන් යයි කියා ගනනා අය දෙහි දේවාසනය මත තබා පසුව ගෙන කැපීම මේ සඳහා ප්‍රමාණවත් නැත. ජීවම් නොකළ බැවිනි. ඔවුන් මන්ත්‍ර නොදනී. සුදුසු වූ මන්ත්‍ර මතුරා අර දෙහි වලට යම් බලයක් ඇතුල් කළ යුතුය. ඒ සදහා පේ කළ ගිර‍යක් ඔවුන් සතුව ඇත. මෙය නොවරදින ප්‍රතිකර්මයකි.

මෙසේ ඇස්වහ කටවහ දෝෂ පැමිණීම යම් යන්ත්‍රයක ආධාරයෙන් නැවැත්විය හැකි යයි මම නොසිතමි. එය හෙම්බිරිස්සා උණ මෙන් කෙසේ පැමිණෙන්නේද කුමන වේලාවක දැයි කලින් කිව නොහැක.
සුලු සුලු ප්‍රතිකර්මවලින් කෙම් වැනි සුලු කර්මවලින් බැහැර කළ යුතුය. නොඑසේම ක්‍රමයෙන් වැඩි වුවහොත් ඉවත් කරවීම ලෙහෙසි නොවේ. එය තිබෙන අතර කිල්ලක් වැදුනහොත් වැඩේ තවත් අමාරු කාර්යයක් වේ. “කිල්ල” ගැන ඊළඟ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙමි. මෙසේ වූ විට සෙම්ප්‍රතිශ්‍යාව වැඩේ දුර ගොස් නියුමෝනියාවට ගියා සේය. දැන් රෝහලේ නවතින්නටම සිදුවේ.

කරන කියන බෙහෙත් හේත්, යන්ත්‍ර මන්ත්‍ර, කිසිවක් නාසයි. සිදුවනුයේ ගොරක අතු දෙකක් බැඳ වස් දොස් පවා දුරු කරන, වෙස්පානා යන්ත්‍රයක් මංගල්‍යයක්/ සෙත් ශාන්ති බලියක් නැටීමෙනි. මෙය දිගු කාලයක් ගතවන, විශාල මුදලක් වැයවන කාර්යයකි. මෙය විශාල කාර්යයකි. ගරා යක් මංගල්‍යයක් මෙයට නමකි. මේ නමින් සලකා බලා කල ඇස්වහ කටවහ දෝෂ සුලු පටු නොවේ. එහෙත් ඉක්මනින් පහසුවෙන් පැමිණ ඉක්මනින්ම පහව යන බව සැලකිය යුතුය.

මේවා දරුවන්ට පැමිණීම වලක්වන්නට බොහෝ දෙමවුපියන් විවිධ ප්‍රතිකර්ම යොදති. මෙහිදී දරුවාට පංචායුධයක් පැළඳවීම එකකි. ඒ සඳහා ඇති විශේෂ මන්ත්‍රයකින් (මෙය පංචායුධ පැළඳවීම සඳහා පමණක්ම ඇත.) ජීවම් කර දරුවා උපන් පස්වන දවසේ පැලඳ විය යුතුය. රාත්‍රී කාලයේ නොකල යුතුය. හරියටම කළොත් බාලගිරි දෝෂය පවා වැද්ද සිදුධ නොදෙයි. නිසි ආයුධ නිසි තැන පිහිටුවා පිළියෙල කරගත යුතුය. (ආයුධ අතරට හෙල්ල නැතහොත් ත්‍රිශූලායුධය නොමැති බව සිහිපත් කිරීම වටී.) වැඩි විස්තර හෝරාහරණය/ වරහා මිහිර/ මුහුර්ති චින්තාමනි/ වැනි වේදාන්ත ග්‍රන්ථවල ඇත. ගෙයකට ඇස්වහ, කටවහ අඬෝවැඩියා නොවදින්නට ජීවම් කළ පුහුලක් හෝ ගරා යකාගේ මුහුණ/ කීල මුහුණ යනු දැමීමට නමකි. කටත් පෙනෙන සේ ගසා තිබීම තවත් ප්‍රත්‍යක්ෂ කාරණයකි.මේ කී කරුණු වලට අමතරව ප්‍රාදේශීය ක්‍රමද බොහෝය. ඒ සියල්ල දැන ගැනීමට පුලුල් ගවේශණයක් කළ යුතුව තිබේ.

අන්තර්ජාලයේ පළවූ තොරතුරු ඇසුරෙන්..

Previous articleසුරූපී ඇයගේ අතගත් කඩවසම් ඔහු.. කාවිංග, නැවතත් මනාලයෙක් වෙයි.. photos
Next article“අහිංසක සතෙක් බේරුවාට ද ඩ…සතෙක්ව ප්‍රදර්ශනය කළාට නිහඬද නීතිය..නීතිය මිනිසුන්ට වෙනස්ව ක්‍රියා කරනවාද?
error: Content is protected !!
Verified by MonsterInsights