Home සයුරෙන් එහා පුවත් අනුදි පවා සහභාගි වුනු රූ රැජිණියන්ගේ තක්කාලි උත්සවය ගැන ඇසෙන වෙනස්ම කතාවක්...

අනුදි පවා සහභාගි වුනු රූ රැජිණියන්ගේ තක්කාලි උත්සවය ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න

0
46

රූප රාජිණියන්ගේ ‘තක්කාලි උත්සවය’ |

ඉන්දියාවේ තෙලන්ගානාහි අගනුවර වන හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින තරගාවලියේ පස්වැනි දිනය,

දිනයේ විශේෂත්වය නම්, ඉන්දියාවේ ප්‍රථම ‘තක්කාලි උත්සවය’ (tomato festival – Toma Terra) හයිද්‍රාබාද්හි පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබීමයි.

මෙය වාර්ෂිකව ස්පාඤ්ඤයේ පැවැත්වෙන ‘ලා ටොමැටිනා’ උත්සවයෙන් ආභාෂය ලැබූවකි.

ජාත්‍යන්තරයේ එය කතාබහට ලක්වන්නේ, ‘ලොව විශාලතම ආහාර සටන’ ලෙසයි.

මෙම කටයුත්ත 2002 වසරේ සිට ස්පාඤ්ඤ රජයේ ආර්ථික අමාත්‍යාංශය විසින් ‘ජාත්‍යන්තර සංචාරක උනන්දුව දක්වන උත්සවයක්’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර සෑම වසරකම ඊට දහස් ගණනක පිරිසක් සහභාගී වීම විශේෂය.
ඒ අනුව යමින් ඉන්දියාවේ ඊයේ පැවති සමාරම්භක ‘Toma Terra’ උත්සවය සඳහා එක්කාසු වුණු රූ රැජිනන් අතර, ශ්‍රී ලංකාව නි‍යෝජනය කරන අනුදි ගුණසේකර ද කැපී පෙනුණා.

Previous articleඅපේ රටට ආඩම්බරයක්.. තවත් ජාත්‍යන්තර රූ රැජින තරගයකින් ලක් මව දිනවූ සංගීතා විජේවර්ධන, මේ ඇය ගැන ඇසෙන කතාව…
Next article” මුලින්ම මං හිතුවෙ විහිළුවක් කියලා. මොකද මං දැනගෙන හිටියෙ නෑ, වරෙන්තු නිකුත් කරලා කියලා…” පසුගියදා සිදු වූ ඇබැද්දිය ගැන ඈ කියූ සංවේදී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights