ජාතික ගීය ලියූ ආනන්ද සමරකෝන් ගැන ඇසෙන බොහෝ දෙනා තවත් නොදත් දුක්බර කතාවක් මෙන්න

ජාතික ගීය ලියූ ආනන්ද සමරකෝන් ගැන ඇසෙන බොහෝ දෙනා තවත් නොදත් දුක්බර කතාවක් මෙන්න

මේ ලඟදි ආනන්ද සමරකෝන් මහත්තයගේ පුතා මට කතා කලා. කතා කරලා කිව්වා තාත්තා වෙනුවෙන් උපහාර උත්සවයක් තියනවා. ඒකට ඇවිල්ලා කතා කරන්න කියලා. මම කිව්වා “පුතේ මම ආනන්ද සමරකෝන් මහත්තයා දැකලවත් නෑ. හැබැයි මම එයාගේ ශේෂ්ඨ ගීත අහලා තියනවා.. මට කතාවක් කරන්න තරම් දෙයක් මම දන්නෑ.. පුලුවන් නම් සුනිල් ආරියරත්න මහත්තයා සම්බන්ධ කර ගන්න..” කියලා
” අංකල් තාත්තා මැරිච්ච විදිහ දන්නැද්ද? ” මම කිව්වා මම ඒක දන්නෑ පුතා.. පුලුවන් නම් මට කියන්න කොහොමද මැරුනේ කියලා..
ආනන්ද සමරකෝන් මහත්තයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් කෝල් කරලා කියනවා ”
ඔබතුමා හදපු ජාතික ගීය මේ රටේ පාලකයන්ට අපලයි. පාලකයෝ ආරක්ෂා වෙන්න නම් මේකේ ඝණ හරියට පිහිටුවලා නැවත ලියලා කියවන්නෝනා” කියලා..
එතකොට ආනන්ද සමරකෝන් අහනවා,,
කව්ද කිව්වේ කියලා..
” කිව්වේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපදේශක වරු ”
” ගුවන්විදුලි සංස්ථාවෙන් උත්තර ලැබෙනවා.. ”
ආනන්ද සමරකෝන් මහත්තයා උත්තර දෙනවා.. ” මේකෙ කිසිම ඝණ වැර්දීමක් නෑ.. මම ඉන්දියාවේ ගිහින් ඝණ ශ්‍රාස්ත්‍රය ඉගෙන ගත්තේ ලංකාවේ එකෙක් දන්නෑ ඝණ ශාස්ත්‍රය.. අපේ දැනුම පරික්ෂා කරන්නද ඔයාලා මේ හදන්නේ ” කියලා ටිකක් තරහින් උත්තර දෙනවා..
අර අධ්‍යක්ෂකවරු ගිහින් සිරිමාවෝ මැතිනියට මේක කියනවා.. ” ආනන්ද කැමති නෑ ඒක වෙනස් කරන්න..” පස්සේ මැතිනිය ගන්නවා කෝල් එක.. ” ආනන්ද මහත්තයා මේක වෙනස් කරන්න ඕනා..” ආනන්ද මහත්තයා කලින් දුන්න උත්තරේම මැතිනියටත් දෙනවා.. අන්තිමට බැරිම තැන.. අධ්‍යක්ෂකවරුයි.. මැතිනියයි එකතුවෙලා ජාතික ගීය වෙනස් කරනවා.. ආනන්ද සමරකෝන් මහත්තට ගුවන් විදුලියට ඇවිල්ලා මේක අහන්න කියනවා.. එතුමා ඇහුවා.. අහලා ගෙදර ගියා..
තාත්තා උදේට නැගිටින වෙලාව පහු වෙලා.. දරුවෝ බැලුවා මොකද කියලා…
දොර ලඟට ගිහින් කතා කලා..
“තාත්තේ දොර අරින්න කියලා..” සද්දයක් නෑ..
බැරිම තැන දොර කඩාගෙන ඇතුලට ගියා.. ඇඳ උඩ තාත්තා (ආනන්ද සමරකෝන් මහත්තයා) මැරිලා ඉන්නවා.. රෑට බොන්න තිබුන පෙති අහුරු පිටින් බීලා..
ලෝකයේ කිසිම රටක් නෑ.. ජාතික ගීය වෙනුවෙන් සි ය දි වි න සා ග ත් ත මිනිස්සු ඉන්න.. දේශප්‍රේමී නැමැති පිහිය නැවත් නැවත මුවහත් කරන්න එන අයට.. එතුම උත්තරය ජීවිතයෙන් දුන්නා.. ඔහු අපේ රටේ සදා අමරණීයයි..❤️🙏
එතුමාගේ ගුණ අනුස්මරණ වෙනුවෙන් –
©️ For public service අපි, ධර්මසිරි බණ්ඩාර මහතා කල කතාවකින් උපුටාගෙන රචනා කරනලදී.
____________________
,
උපුටා ගැනීමක්.

Local Gossip