Home දේශිය පුවත් මේ දවස්වල දැනෙන උණුසුම ගැන මෙන්න විශේෂ දැනුම්දීමක්..

මේ දවස්වල දැනෙන උණුසුම ගැන මෙන්න විශේෂ දැනුම්දීමක්..

0
121
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දවස්වල පවතින්නේ එකිනෙක්ට වෙනස් කාලගුණ තත්ව කිව්වොත් හරි.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. 

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට(26) දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පැවතිය හැකි බවයි.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

Previous article“රුපියල් පහ නෙවෙයි, මේ විදිහට ගසා කන එකයි අවුල…” වියදම අසහ උසට නගිද්දී, මගියෙක් මුහුණදුන් සිද්ධියක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
Next articleසුව කරන්න වත් උත්සාහ නොකර ස්පාඤ්ඤ රජය ගත් තීරණය හරිද ? Depression තත්වය නිසා මරණට අවසර ලැබුණු ස්පාඤ්ඤයේ පළමු කාන්තාව..
error: Content is protected !!
Verified by MonsterInsights