සීඝ්‍රයෙන් පැතිර යන දරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් ගැන මෙන්න විශේෂ අනාවරණයක්..
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ කාරණයක් ගැනයි..
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සීඝ්‍රයෙන් පැතිර යන දරුණු ඉන්ෆ්ලුවෙන්සා වෛරස ප්‍රභේදයෙන් තම දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස ප්‍රාන්ත බලධාරින් දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.
මෙම ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරිය කියා සිටියේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ට මෙම රෝග ලක්ෂණ දරුණු ලෙස බලපෑ හැකි බවයි.
පසුගිය වසරේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳීමෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගල මරණ 1,738ක් වාර්තා වුණා.








