Home දේශිය පුවත් කවි 1120ක්… සර්ග 20කින් යුත් මහපැරකුම් සිරිත ලියූ මහා ගත්කතුවරයෙකු වූ පණ්ඩිත...

කවි 1120ක්… සර්ග 20කින් යුත් මහපැරකුම් සිරිත ලියූ මහා ගත්කතුවරයෙකු වූ පණ්ඩිත හේන්පිටගෙදර ඤාණිසිංහ හිමි ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න…

0
97

ඔය ඡායාරූපයේ ඉන්නේ පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියෝ.

කවුද ඒ ? ඇතැම් විට ඔබ අසාවි එහෙම…..

ඔව්…. මහා පඬිවරයෙකු, වාදීභසිංහයෙකු, මහා කවියෙකු, මහා ගත්කතුවරයෙකු හා මේ යුගයට ඉතාම අවශ්‍යව සිටි, වීර සිංහල සංඝ නේතෘවරයෙකු වූ පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියෝ.

කවි 1120 කින් හා සර්ග 20 කින් යුත් “මහපැරකුම් සිරිත” නමින් මහා කාව්‍යයක් සරල සිංහල භාෂාවෙන් ලියූහ.

එය ලියන ලද්දේ 1968 දීය….

දැනට අවුරුදු 53 කට ආසන්න කාලයක් ගතවී ඇති මේ මහා කාව්‍යය ලියූවේ… පන්සලේ දී නොවේ. භාවනා මධ්‍යස්ථානයකදී නොවේ.

එහෙනම්….?

කොළඹ මැගසින් බන්ධනාගාරයේදී ය.

ඒ එහි සිට සිරකරුවන්ට ධර්ම දේශනා කරන අතර නොවේ….

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක සැකකරුවෙකු වශයෙන් සීමිත නිදහසක් හා මානසික පීඩනයක් ඇතිව කල් ගත කරද්දීය.

මෙතෙක් බුදු සසුනෙහි පැවිදි වී සිටි, දැනට සිටින කිසිම භික්ෂුවක මෙබදු දක්ෂ සාහිත්‍ය කෘතියක් ලියා නැත.

එහෙත් මේ මහා ප්‍රාතිහාර්ය අගය කොට සලකනු තබා, මෙය කියවා රස විඳින්නට, නැවත මුද්‍රණය කොට ප්‍රචාරය කරන්නට, ප්‍රචාරය කොට මහා පරාක්‍රමබාහු රජතුමාට හා ඔහු ගැන මහා කාව්‍යයක් ලියූ මහ කවි පඬි හිමියන්ට ගෞරව දක්වන්නට, මේ රටේ කිසිවෙකු සිතා නැත.

මෙය අප ජාතියේ අභ්‍යාග්‍යකි!

බන්ධනාගාරය තුළ දී පොත් රාශියක් ලියූ මහා ගත්කරුවන් දෙදෙනෙකි.

එක්කෙනෙක් ඉන්දියාවේ ප්‍රථම අගමැති.
ශ්‍රීමත් ජවහර්ලාල් නේරු තුමාණෝය.

අනික් ගත්කරුවා පණ්ඬිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන්ය.

කතෘ නම සඳහන්ව නොතිබුණි.
___________________
,
උපුටා ගැනීමක්.

Previous articleසිංදු 2000කට වැඩිය ලියා දුප්පතෙකු ලෙස අවසන් ගමන් ගිය අසහාය කලාකරුවා…හේම ශ්‍රී ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න
Next articleහෙල රජවරු තහනම් කරපු පාර කැපීම්, පාලම් හැදීම් මහනුවර රාජධානියට ආ හැටි දන්නවද ? ඔබ පුදුම වෙන ඉතිහාස කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights