Home Uncategorized විදුරුමස් සුව කරගන්න අත්දුටු හෙල ඔසුවක් මෙන්න

විදුරුමස් සුව කරගන්න අත්දුටු හෙල ඔසුවක් මෙන්න

0
74

 

ආයුර්වේදයේ දත් සහ විදුරුමස්වල සුවසෙත සුරකින උපදෙස් රැසක් අඩංගු වෙලා තිබෙනවා…

සමහර වෙලාවට විදුරුමස්වලින් ලේ ගැලීමක් සිදුවෙනවා නම් එය විදුරුමස් රෝගයේ පෙරනිමිත්තක් වෙන්න පුළුවන්… මේ කියන්න හදන්නේ විදුරුමස්වල සුවසෙත සුරකින්න උපදෙස් කිහිපයක් ගැනයි… ඉතිං… බලන්නකෝ මොනවද කියලා…

ලුණු එක් කළ මඳ උණුසුම් ජලයෙන් දිනකට තෙවරක් මුව හොඳින් සෝදන්න.

මීපැණි ඇඟිලි තුඩුවලට ගෙන විදුරුමස් පරෙස්සමෙන් පිරිමදින්න. මීපැණි බැක්ටීරියා නාශකයකි. ප්‍රදාහයන් වළක්වන්නකි. ඒ නිසා බැක්ටීරියාවලින් ඇතිවන විදුරුමස් රෝග වළකියි.

පොල් තෙල් හෝ තල තෙල්වලින් මුව උගුර විදුරුමස් සෝදන්න. එමඟින් ද හානිකර බැක්ටීරියා ඉවත් වෙයි.

කහ චිරාත් කාලයක සිට විසබීජ නාශකයක් ලෙස භාවිත වෙයි. මෙහි ප්‍රදාහයන් වළක්වන සංයෝග සහ ක්ෂුද්‍ර ජීවී නාශක සංයෝග අඩංගුය. කහ කුඩු සමඟ අබ තෙල් මිශ්‍ර කර සෙමෙන් විදුරුමස්වල ගල්වන්න.

කෝමාරිකා, ඉඟුරු, බේකිං සෝඩා, කොහොඹ, ඇපල් සයිඩර් විනාකිරි, ලෙමන් යුෂ විදුරුමස්වලට හිතකරය.

අරළු, බුළු, නෙල්ලි තැම්බූ ජලය පානය මෙන්ම මුව සේදීම ද ඉතා ගුණදායකය. විදුරුමස්වල රුධිරය ගැලීමක් ඇත්නම් එමඟින් නවතී.

දොඩම් යුෂ, සීනි තේ හැඳි භාගයක් සහ සූදුරු ඇඟිලි තුඩුවලට අසුවන ප්‍රමාණයෙන් ගෙන පානය කිරීමෙන් විදුරුමස්වල රුධිර වහනය වළක්වාලීමට පුළුවන.

ලෙමන් ජලය රුධිර වහනය වළක්වයි. ඇපල් අපට නොරටින් තිළිණ වුණු පලතුරක් වුව ද ඇපල් දත් සහ විදුරුමස්වලට ඉතා ගුණදායකය. ප්‍රධාන ආහාරයක් ගෙන පැය භාගයකට පසුව ඇපල් ගෙඩියක් හැපීමෙන් දත් පිරිසුදු වෙයි. විදුරුමස් සුවපත් වෙයි. ඇපල් වෙනුවට පෙයාර්ස් ද කෑමට ගත හැකිය.

දිනපතා පොල් තෙල්වලින් විදුරුමස් සම්බාහනය කිරීමෙන් විදුරුමස් සවිමත් වෙයි.

යෝගට්, ග්‍රීන් ටී, සෝයා, සුදුලූනු විදුරුමස්වල නීරෝගි බවට අත්‍යවශ්‍යයි.

අන්තර්ජාලයෙන්…

Previous articleලොවක් ආදරේ කරන ශ්‍රී ලාංකීය බොලිවුඩ් නිළි ජැකලින් ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න
Next articleකවුරුත් හොයපු පූජානි ගයාන්ගේ ලස්සනම ලස්සන ඒ පින්තූර සෙට් එක මෙන්න..!
error: Content is protected !!
Verified by MonsterInsights