Home දේශිය පුවත් කපිතාන් නිලයේ සිට මේජර් ජෙනරාල් දක්වා රෝද පුටුවෙන් ගිය මේජර් ජෙනරාල් උපෙන්ද්‍ර...

කපිතාන් නිලයේ සිට මේජර් ජෙනරාල් දක්වා රෝද පුටුවෙන් ගිය මේජර් ජෙනරාල් උපෙන්ද්‍ර කරුනාරත්න අභීත රණවිරුවෙකු ගැන ඇසෙන අපූරු කතාවක් මෙන්න.

0
391

සැබෑ මිනිසෙකුගේ කතාවක්…

යුද්ධයෙන් ඔහු ආබාධිත තත්වයට පත්වූයේ එක්දහස් නවසිය අනූ අට වසරේදී. එතැන් සිට වසර විසි අටක් රෝද පුටුවකට සීමාවූ ජීවීතය, රෝද පුටුවටම සීමා කරන්නට ඔහු ඉඩ හැරියේ නැහැ.

ඔහු තමන්ගෙන් ඉටුවිය යුතු සේවය සිදු කිරීමට කිසිවක් බාධාවක් කර ගත්තේ නැහැ. රෝද පුටුවෙන් රට වටා යමින් ඔහු ඔහුගෙන් ඉටුවිය යුතු සේවය ඉටුකළ නිලධාරියෙක්.

ශරීරයේ පහළ කොටස සම්පූර්ණ ආබාධිත තත්වයේ තිබියදීත් ඔහු ඔහුගේ මෝටර් රථයේ රියදුරා වුනේ තම මෝටර් රථයේ සියලු ක්‍රියාකාරකම් දෑතට ගහ හැකි සේ එය සකස් කර ගැනීමෙන්; ඇක්සලරේටරය, තිරිංග දෑතේ පාලනයට ගැනීමෙන්.

දෙවන ලුතිනන්වරයෙකු ලෙස හමුදාවට බැඳී, කපිතාන් ධූරයේ සිට මේජර් ජෙනරාල් ධූරය තෙක් රෝද පුටුවකින් ආ ගමන සුවිශේෂී ගමනක්, ආදර්ශයට ගත යුතු ගමනක්; අපිරිමිත ධෛර්යයකින් යුත් ගමනක්.

තේජමාන විරුවෝ අපගේ සුබ පැතුම් මේජර් ජෙනරාල් උපේන්ද්‍ර කරුණාරත්න සෙන්පතියාණෙනී 🌹

Previous articleඉණ දෙපස එල්ලෙන ස්වභාවය නැති කරන අපුරු පානයක් හා ව්‍යායාම් කිහිපයක් මෙන්න..
Next articleඋපන්දිනය දවසේ කාසල් විදියේ නේවාසිකව ප්‍රථිකාර ලබන ගැබිණි මව්වරුන් සොයා ටීචර් අම්මා ගිය ගමන
error: Content is protected !!
Verified by MonsterInsights