Home දේශිය පුවත් ලෝකයේ මුතු ඇටය රන් කිරුළෙන් සරසන්න ගිය සිය දියණියගේ ගැන අනුදිගේ ආදරණීය...

ලෝකයේ මුතු ඇටය රන් කිරුළෙන් සරසන්න ගිය සිය දියණියගේ ගැන අනුදිගේ ආදරණීය තාත්තා එක්කල සංවේදී සටහන මෙන්න.

0
58

ලෝකයට ගෙන යන ඇය අනුදි ගුණසේකර …

ඇය ගැන අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරා හුඟාක් අය කතා වෙනවා..

අනුදිගේ ගමන ගැන එයාගේ සිහින ගැන පුංචි කාලේ ඉඳලම විශ්වාස කරපු.. ඒ හීනවලට පියාසර කරන්න අත්තටු දුන්නු එයාගේ පවුලේ අයට මොනතරම් සතුටු ඇද්ද ? අම්මයි අප්පච්චියි ගැන අනුදි නිතරම කතා කරනවා… මෙවර ඒ රන් කිරුළ අරන් එන්න ගිය ඒ ලස්සන සුන්දර දෝණිට හරිම සංවේදී ආදරේත් , සෙනහසත් කැටිවුණු සටහනක් අනුදිගේ පියා ෆේස්බුක් එකට එකතු කරලා තිබුණේ මෙන්නෙ මෙහෙමයි…

“මෙවර ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ඇය‍යි..

මගේ ආදරණීය දුවණිය ඔබ ශ්‍රි ලාංකික සියලුදෙනා එක්ව අද ලක් මව් මුදුනත තබා ඇත.

ඔබ වෙනුවෙන් ඔවුන් නගන හඩ මගේ ඇසට නංවන්නෙ සතුටු කදුලුය…

ඒ ඔබ රාත්‍රී ගනන් නිදි වරා ඉතාමත් වෙහෙසක් ගෙන අප මව් බිමට ඔටුනු රැගෙන ඒමට වූ වෙහෙස මෙන්ම අප්‍රතිහත කැපවිම මාත් ඔබේ ආදරණීය මවත් දිවා රෑ දුටු නිසාවෙනි .වැටුනු තැන් වල නැවත සිනාවෙන් යුතුව නැගි සිටිමට මව් දුන් දිරිය ඔබ මේ තරගයට සුදානම් වු දින සිට මා සිනාවෙන් වුවත් හදවතින් හඬමින් බලා සිටියෙමි.ඒ ඔබ මේ ආතතිය නොදැරිමට තරම් පුංචි එකියක බව මට දැනුණු නිසාවෙනි .නමුත් ඔබ තුලින් මා දුටුවේ මාමය..

අද ඔබ මටත් අම්මාටත් වඩා ශක්තිමත්ය.කිරුළ දිනා ගැනිමට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ශ්‍රි ලාංකිකයන් පෙළ ගැසි ඔබ සමග අත්වැල් බැදසිටි.ලෝකයේ මුතු ඇටය රන් කිරුළෙන් සරසන තුරු සියල්ලෝම සමඟ මාද බලා සිටිමි.

ආදරනීය අප්පච්චි …”

ඉතිං ඒ තාත්තාගේ ආදරණීය දියණිය ලෝකය දිනා එනතුරු අපි සැවොම ප්‍රාර්ථනා පිරි හදින් බලා සිටිමු…

Previous articleඉතින් එදා තමයි ඔයයි මමයි මේ ජීවිත ගමන පටන් ගත්තේ…” ඒ ආදරණීය බැඳීම ගැන දස වසරකට පසු ඇය කී ආදරණීය කතාව මෙන්න..
Next article“අම්මාට නම් කොල්ලා දඟකාරයා.. මගේ පස්සේ එන පුංචි වැඩකාරයා…” එයාලාගේ ගෙදර හැඩකරන පුංචි පුතු පැටියා ගැන ඈසෙන මේ කතාවට නම් හැමෝම ආසා කරයි
error: Content is protected !!
Verified by MonsterInsights